බලයේ සිටින පුද්ගලයන්ට ඉහළ බලයක් දෙන රනිල්ගේ පනත් කෙටුම්පත්වලට එක්සත් ජාතීන්ගේ කනස්සල්ල !

Share post:

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිය කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙම පනත් මගින් බලයේ සිටින තැනැත්තන්ට පුළුල් බලතල රැසක් ලබා දෙන අතර ම, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල නොවන අයුරින් මානව හිමිකම්වලට සීමා පැනවිය හැකි බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආණ්ඩුව මගින් ගෙන එන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ මරණීය දණ්ඩනය ඉවත් කිරීම ඇතුළු ව ධනාත්මක සංශෝධන කිහිපයක් අන්තර්ගත කර තිබුණද, එහි සඳහන් ඇතැම් විෂය කරුණු සහ විධිවිධාන තුළ ප්‍රජාවන් වෙනස් කොට සැලකීමකට ලක් වන බව එම කාර්යාලය අවධාරණය කර සිටී.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිවාසිකම ද මෙම පනත් කෙටුම්පත් මගින් සීමා වනු ඇති බව ද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ මෙම පනත් කෙටුම්පත තුළ තවමත් ත්‍රස්තවාදය පිළිබඳ ඉතා පුළුල් අර්ථකථනයක් අන්තර්ගත වන අතර, අධිකරණයේ ප්‍රමාණවත් අධීක්ෂණයකින් තොරව පුද්ගලයන් රඳවා ගැනීමට, ප්‍රශ්න කිරීමට, අත්අඩංගුවට ගැනීමට සහ සෝදිසි කිරීමට එමගින් පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල පවරා දී ඇති බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...