බලයේ සිටින පුද්ගලයන්ට ඉහළ බලයක් දෙන රනිල්ගේ පනත් කෙටුම්පත්වලට එක්සත් ජාතීන්ගේ කනස්සල්ල !

Share post:

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිය කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙම පනත් මගින් බලයේ සිටින තැනැත්තන්ට පුළුල් බලතල රැසක් ලබා දෙන අතර ම, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල නොවන අයුරින් මානව හිමිකම්වලට සීමා පැනවිය හැකි බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආණ්ඩුව මගින් ගෙන එන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ මරණීය දණ්ඩනය ඉවත් කිරීම ඇතුළු ව ධනාත්මක සංශෝධන කිහිපයක් අන්තර්ගත කර තිබුණද, එහි සඳහන් ඇතැම් විෂය කරුණු සහ විධිවිධාන තුළ ප්‍රජාවන් වෙනස් කොට සැලකීමකට ලක් වන බව එම කාර්යාලය අවධාරණය කර සිටී.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිවාසිකම ද මෙම පනත් කෙටුම්පත් මගින් සීමා වනු ඇති බව ද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ මෙම පනත් කෙටුම්පත තුළ තවමත් ත්‍රස්තවාදය පිළිබඳ ඉතා පුළුල් අර්ථකථනයක් අන්තර්ගත වන අතර, අධිකරණයේ ප්‍රමාණවත් අධීක්ෂණයකින් තොරව පුද්ගලයන් රඳවා ගැනීමට, ප්‍රශ්න කිරීමට, අත්අඩංගුවට ගැනීමට සහ සෝදිසි කිරීමට එමගින් පොලිසියට සහ හමුදාවට පුළුල් බලතල පවරා දී ඇති බවයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...