ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව තරුෂි මීටර් 800 අවසන් තරගයට

Share post:

චීනයේ හංජෝ නුවර පැවැත්වෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා තරුෂි කරුණාරත්න අද (03) සුදුසුකම් ලබා ගත්තාය.

ඇය මූලික වටයේ තරගය දෙවැනියට අවසන් කලේ 2:05.48 කාලයක් වාර්තා කරමිනි.

එම වටයේ පළමු ස්ථානය හිමිකරගත් චීනයේ වැංග් සී 02 :05:37 කින් තරගය අවසන් කළාය.

කෙසේවෙතත් ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රමුඛතම පදක්කම් බලාපොරොතුවක් ලෙස තරුෂි කරුණාරත්න හැඳින්විය හැකිය.

ඇය තරග වඳින මූලික තරගයේ උපරිමයට ළඟා නොවුන අතර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙන්ම කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී ද මීටර් 800 ඉසව්වේ රන් පදක්කමට උරුමකම් කීවාය. තරුෂි සහභාගි වන අවසන් තරගය හෙට (04) පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම, මීටර් 800 කාන්තා ඉසව්වට ගයන්තිකා අබේරත්න සහභාගි වුණු අතර ඇය වාර්තා කළ කාලය විනාඩි 2:07.17 කි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...