ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව තරුෂි මීටර් 800 අවසන් තරගයට

Share post:

චීනයේ හංජෝ නුවර පැවැත්වෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා තරුෂි කරුණාරත්න අද (03) සුදුසුකම් ලබා ගත්තාය.

ඇය මූලික වටයේ තරගය දෙවැනියට අවසන් කලේ 2:05.48 කාලයක් වාර්තා කරමිනි.

එම වටයේ පළමු ස්ථානය හිමිකරගත් චීනයේ වැංග් සී 02 :05:37 කින් තරගය අවසන් කළාය.

කෙසේවෙතත් ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රමුඛතම පදක්කම් බලාපොරොතුවක් ලෙස තරුෂි කරුණාරත්න හැඳින්විය හැකිය.

ඇය තරග වඳින මූලික තරගයේ උපරිමයට ළඟා නොවුන අතර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙන්ම කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී ද මීටර් 800 ඉසව්වේ රන් පදක්කමට උරුමකම් කීවාය. තරුෂි සහභාගි වන අවසන් තරගය හෙට (04) පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම, මීටර් 800 කාන්තා ඉසව්වට ගයන්තිකා අබේරත්න සහභාගි වුණු අතර ඇය වාර්තා කළ කාලය විනාඩි 2:07.17 කි.

Related articles

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි” – ඇල්බෙයා කැමූ

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු...

තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස...

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...