2023 Pen ත්‍යාගය ඇමෙරිකානු රතු ඉන්දියානු නවකතාකරුවකු වෙත !!

Share post:

ඇමෙරිකාවේ නවකතාවක් අරබයා පිදෙන ත්‍යාගය අතරින් තවත් ඉතා වැදගත් හා මුල්පෙලේ ත්‍යාගයකි, Pen ත්‍යාගය ( එනම් ඇමෙරිකානු සාහිත්‍ය ත්‍යාගය ). එම ත්‍යාගය 1963 වරෂයේ සිට වර්තමානය දක්වා පුරා.හැට වසරක් ( 1963 – 2023 ) අඛණ්‌ඩව පිරිනැමේ . එවන් දිගු ඉතිහාසයකට උරුකම් කියන Pen ත්‍යාගය 2023 වර්ෂය වෙනුවෙන් දිනාගන්නා ලද්දේ රතු ඉන්දීය ජාතික ප්‍රතිභාපූර්ණ නවකතාකරුවකු වන ඔස්කාර් හෝකාහ් ( Oscar Hokeah : B 1975 ) විසිනි. ඒ ඔහු විසින් රචනා කොට 2022 ජූලි මස 26 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද Calling For A Blanket Dance යන විශිෂ්ට නවකතාව වෙනුවෙනි. මෙය Pen ත්‍යාගය ඉතිහාසයේ එදා මෙදාතුර සිදුවූ ඉතා සුවිශේෂී කාරණාවක් වනබව විචාරකයන්ගේ මතය යි.

Pen ත්‍යාගය ඇමෙරිකාව තුළ පමණක් නොව විශ්ව සාහිත්‍යය තුළද අතිශයින්ම වැදගත් සාහිත්‍ය සම්මානයක් වන්නේ ය. කිසියම් ඇමෙරිකානු ලේඛකයකුගේ හෝ ලේඛිකාවකගේ නවකතාවක් එම ත්‍යාගය ලැයිස්තුවට නිර්දේශ වීමත් එම ලේඛකයා හෝ ලේඛිකාව ලබන සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇත. එහිලා තමාට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීමත් තමාගේ නවකතාවේ පිටපත් උණු කැවුම් මෙන් ලොව පුරා අලෙවි වීමටත් එසේම එය ලෝකයේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වීමටත් වෙසෙසින්ම බලපාන්නේ ය.

මෙම නවකතාව මා දන්නා තරමින් තවම මෙරටට පැමිණ නැත. එසේම මගේ පෞද්ගලික පුස්තකාලයට ද පැමිණ නැත. නුදුරේදී මෙය ගෙන්වාගෙන කියවීමට ආශාවක් තිබේ . එතෙක් මට මෙම නවකතාවේ කතාව හා කතා වින්‍යාසය ( Stor and Plot ) , චරිත නිරූපණය ( Characterization ) දෘෂ්ටියකෝණය ( Pointof View ) හා පසුබිම ,කාලය හා ඉඩ හරසර ( Background, Time and Space ) යන නවකතාවක තිබෙන ප්‍රධාන අංශ ඇතුලළත්ව පූර්ණ විචාරයක් තියා දළ අදහසක් පිළිබඳවත් කිසිවක් කිව නොහැක.

එසේම මම විවිධ ඇමෙරිකානු ලේඛකයන් විසින් රචිත දකුණු ඉන්දියානුවන් හා ඔවුන්ගේ ඉතිහාසය අරබයා රචිත නවකතා , කෙටිකතා සැලකිය යුතු සංඛ්‍යාවක් කියවා ඇත්තෙමි.එහිලා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද (1954 ) ඇමෙරිකානු ජාතික අර්නස්ට් මිලර් හෙමිංවේ ( Ernest Miller Hemingway 1899 – 1961 ) විසින් රචිත කෙටිකතා උදාහරණක් වශයෙන් මෙහිලා පෙන්වා දිය හැකිය . එනමුත් රතු ඉන්දියානු ජාතිකයකු විසින් රචිත නවකතාවක් හෝ කෙටිකතාවක් මා මෙතෙක් කියවා නොමැත. එහෙයින් Calling For A Blanket Dance යන සම්මානනීය නවකතාව මම නුදාරේදීම කියවීමට මහත් වූ ආශාවෙන් පසුවෙමි.

Short History of Pen Award

Founded in 1963, the PEN America Literary Awards honor the most outstanding voices in literature across diverse genres, including fiction, poetry, science writing, essays, sports writing, biography, children’s literature, and drama. With the help of our partners, PEN America confers over 20 distinct awards, fellowships, and grants each year, awarding over $370,000 to writers and translators annually.
The PEN America Literary Awards program celebrates literary excellence, encourages global discourse, champions important voices, and brings new books to life through our publication awards. You can learn more about the mission and history of the Awards Program below or search the full list of winners since 1963 here.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...