පාස්කු ප්‍රහාරයේ රහස් ජනතාවට දෙන්න බෑ : මන්ත්‍රීවරුන්ට විතරයි – ජනාධිපති ලේකම්ගේ ‘නියෝගය’ කතානායක දැනුම් දෙයි !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි අතර, එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ට පමණක් පරිශීලනය කළ හැකි බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියකින් නැවත වරක් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම්වරයා පසුගිය 12දා තමන් වෙත යොමුකළ ලිපියකින් මේ බව දැනුම් දුන් බව කතානායකවරයා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානායකවරයා සඳහන් කළේ අදාළ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා එසේ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් දැනුම් දී ඇති බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය. 

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රහස්‍ය ලිපි ලේඛන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධයෙන් මේ දිනවල ඇතැම්  විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ද කතානායකවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

කතානායකවරයා පැවසුවේ අදාළ සාක්ෂි සටහන්වල වෙළුම 2-II සහ 2-III හි අඩංගු රහසිගත සාක්ෂි ද ඇතුළත්ව 2-I සිට 5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයෙන් (Read Only) සකස් කරන ලද සංයුක්ත තැටි (Compact Disks) 06ක් බාරදෙන ලද බවයි.

එමෙන්ම  එහි ඇතුළත් 2-II හා 2-III වෙළුම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට පමණක් අවස්ථාව සලසා දී ඇති බව ද  කතානායකවරයා තවදුරටත් මෙහිදී සඳහන් කළේය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...