පාස්කු ප්‍රහාරයේ රහස් ජනතාවට දෙන්න බෑ : මන්ත්‍රීවරුන්ට විතරයි – ජනාධිපති ලේකම්ගේ ‘නියෝගය’ කතානායක දැනුම් දෙයි !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි අතර, එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ට පමණක් පරිශීලනය කළ හැකි බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියකින් නැවත වරක් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම්වරයා පසුගිය 12දා තමන් වෙත යොමුකළ ලිපියකින් මේ බව දැනුම් දුන් බව කතානායකවරයා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානායකවරයා සඳහන් කළේ අදාළ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා එසේ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් දැනුම් දී ඇති බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය. 

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රහස්‍ය ලිපි ලේඛන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධයෙන් මේ දිනවල ඇතැම්  විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ද කතානායකවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

කතානායකවරයා පැවසුවේ අදාළ සාක්ෂි සටහන්වල වෙළුම 2-II සහ 2-III හි අඩංගු රහසිගත සාක්ෂි ද ඇතුළත්ව 2-I සිට 5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයෙන් (Read Only) සකස් කරන ලද සංයුක්ත තැටි (Compact Disks) 06ක් බාරදෙන ලද බවයි.

එමෙන්ම  එහි ඇතුළත් 2-II හා 2-III වෙළුම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට පමණක් අවස්ථාව සලසා දී ඇති බව ද  කතානායකවරයා තවදුරටත් මෙහිදී සඳහන් කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...