සියාම් සෙල්වදොරේගේ නවතම නවකතාව?

Share post:

ශ්‍රීලාංකේය හා කැනොඩියානු සම්භවයකින් පැවත එන සම්මානනීය ජාත්‍යන්තර ලේඛකයකු වශයෙන් කීර්තියට පත් ලේඛකයකු වන සියාම් සෙල්වදොරේ ( Shyam Selvadurai / Born 12 February 1965 ) විසින් රචිත නවතම නවකතාව වනුයේ Mansions of the Moon – 2023 ය .

Funny Boy – 1994 නැමති නවකතාව රචනා කරමින් ඉමහත් ආන්දෝලනයකට හා කීර්තියකට උරුකම් කියූ ඔහු විසින් Canada First Novel Award හා Lambda Literary Award for Gay Fiction යනාදී ත්‍යාගය එම නවකතාව වෙනුවෙන් දිනාගන්නා ලදී.

Mansions of the Moon – 2023 ඔහු විසින් රචිත සිව්වැනි නවකතාව වන්නේ ය. මීට පෙර හෙතෙම Funny Boy / Cinnamon Gerdens / Hungary Ghosts නවවතා රචනා කර ඇත්තේ ය.

බුදුන් දවසෙහි එක්තරා කතාවක් පසුබිම්ව රචනා කරන ලද Mansions of the Moon – 2023 තුළින් බෞද්ධ දර්ශනය නූතන බෞද්ධ සංස්කෘතිය තුළ අවිඥානිකව පරිණාමය වී ඇත්තේ කෙසේ ද යන්න නවකතාකරුවා විසින් මෙම නවකතාව තුළින් ඉතා සියුම් ආකාරයෙන් ප්‍රශ්න කරන්නේ ය.
ශ්‍රීලාංකේය හෝ ශ්‍රීලාංකේය සම්බවයක් ඇති ලේඛකයන් ලේඛකයන් වශයෙන් ජාත්‍යන්තර තුළ වඩාත්ම කැපීපෙනෙන හා සම්මානනීය ලේඛකයන් තිදෙනකු වර්ධනයේ විදෙස්‌ගත සිටින බව පෙනේ. එනම් ඒ රොමේෂ් ගුණසේකර, ශෙහාන් කරුණාතිලක හා අනෙක් පුද්ගලයා නම් සියාමි සැල්වදොරේ ය .

මගේ පුස්තකාලයට පැමිණ ඇති නවතම නවකතා අතර මෙම නවකතාව ද තිබෙන නමුදු මා එය තවම කියවා නොමැති නිසා පූර්ණ විචාරයක් කිරිමට නොහැකි ය.
(මෙම නවකතාව මෙරට මුදලින් මිල රු 2675 /= පමණ වේ. සරසවි පොත් සාප්පුවලින්)

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...