සියාම් සෙල්වදොරේගේ නවතම නවකතාව?

Share post:

ශ්‍රීලාංකේය හා කැනොඩියානු සම්භවයකින් පැවත එන සම්මානනීය ජාත්‍යන්තර ලේඛකයකු වශයෙන් කීර්තියට පත් ලේඛකයකු වන සියාම් සෙල්වදොරේ ( Shyam Selvadurai / Born 12 February 1965 ) විසින් රචිත නවතම නවකතාව වනුයේ Mansions of the Moon – 2023 ය .

Funny Boy – 1994 නැමති නවකතාව රචනා කරමින් ඉමහත් ආන්දෝලනයකට හා කීර්තියකට උරුකම් කියූ ඔහු විසින් Canada First Novel Award හා Lambda Literary Award for Gay Fiction යනාදී ත්‍යාගය එම නවකතාව වෙනුවෙන් දිනාගන්නා ලදී.

Mansions of the Moon – 2023 ඔහු විසින් රචිත සිව්වැනි නවකතාව වන්නේ ය. මීට පෙර හෙතෙම Funny Boy / Cinnamon Gerdens / Hungary Ghosts නවවතා රචනා කර ඇත්තේ ය.

බුදුන් දවසෙහි එක්තරා කතාවක් පසුබිම්ව රචනා කරන ලද Mansions of the Moon – 2023 තුළින් බෞද්ධ දර්ශනය නූතන බෞද්ධ සංස්කෘතිය තුළ අවිඥානිකව පරිණාමය වී ඇත්තේ කෙසේ ද යන්න නවකතාකරුවා විසින් මෙම නවකතාව තුළින් ඉතා සියුම් ආකාරයෙන් ප්‍රශ්න කරන්නේ ය.
ශ්‍රීලාංකේය හෝ ශ්‍රීලාංකේය සම්බවයක් ඇති ලේඛකයන් ලේඛකයන් වශයෙන් ජාත්‍යන්තර තුළ වඩාත්ම කැපීපෙනෙන හා සම්මානනීය ලේඛකයන් තිදෙනකු වර්ධනයේ විදෙස්‌ගත සිටින බව පෙනේ. එනම් ඒ රොමේෂ් ගුණසේකර, ශෙහාන් කරුණාතිලක හා අනෙක් පුද්ගලයා නම් සියාමි සැල්වදොරේ ය .

මගේ පුස්තකාලයට පැමිණ ඇති නවතම නවකතා අතර මෙම නවකතාව ද තිබෙන නමුදු මා එය තවම කියවා නොමැති නිසා පූර්ණ විචාරයක් කිරිමට නොහැකි ය.
(මෙම නවකතාව මෙරට මුදලින් මිල රු 2675 /= පමණ වේ. සරසවි පොත් සාප්පුවලින්)

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...