අධිවේගී මාර්ග රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ මෙහෙයුමක් යටතට : පරිපාලනය රනිල් අතට ගනී !

Share post:

අධිවේගී මාර්ගවලින් මුදල් ඉපයීම වැඩිකිරීම සඳහා එම මාර්ග පරිපාලන කටයුතු පවරන ලද සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පවරාගෙන තිබේ.

මෙම රාජ්‍ය සමාගම මීට පෙර පැවතියේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ ය. අංක 2343/05 දරන පෙරේදා (31) දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් එය ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත. මීට අමතර ව නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවති ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ද මෙම ගැසට් නිවේදනයෙන් ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබේ.

සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගමක් ලෙස ආරම්භ කරන ලද්දේ 2020 ඔක්තෝබර් මාසයේ ය. පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීම මගින් එතෙක් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පැවති අධිවේගී මාර්ග පරිපාලනය මෙම සමාගම යටතට පැවරිණි.

එම කැබිනට් පත්‍රිකාවේ අරමුණ ලෙස සඳහන් වූයේ අධිවේගී මාර්ග පද්ධතියේ වාණිජ අරමුණු ඉහළ නැංවීම සඳහා මෙම තීරණය ගත යුතු ව ඇති බවයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ආයතනය මගින් ඉදිරියේදී අධිවේගී මාර්ග රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධව (Public – Private Partnership : PPP) සිදුකරන ව්‍යාපෘතියක් ලෙස කළමනාකරණය කරනු ඇති බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...