අධිවේගී මාර්ග රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ මෙහෙයුමක් යටතට : පරිපාලනය රනිල් අතට ගනී !

Share post:

අධිවේගී මාර්ගවලින් මුදල් ඉපයීම වැඩිකිරීම සඳහා එම මාර්ග පරිපාලන කටයුතු පවරන ලද සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පවරාගෙන තිබේ.

මෙම රාජ්‍ය සමාගම මීට පෙර පැවතියේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ ය. අංක 2343/05 දරන පෙරේදා (31) දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් එය ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත. මීට අමතර ව නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවති ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ද මෙම ගැසට් නිවේදනයෙන් ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබේ.

සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගමක් ලෙස ආරම්භ කරන ලද්දේ 2020 ඔක්තෝබර් මාසයේ ය. පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීම මගින් එතෙක් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පැවති අධිවේගී මාර්ග පරිපාලනය මෙම සමාගම යටතට පැවරිණි.

එම කැබිනට් පත්‍රිකාවේ අරමුණ ලෙස සඳහන් වූයේ අධිවේගී මාර්ග පද්ධතියේ වාණිජ අරමුණු ඉහළ නැංවීම සඳහා මෙම තීරණය ගත යුතු ව ඇති බවයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ආයතනය මගින් ඉදිරියේදී අධිවේගී මාර්ග රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධව (Public – Private Partnership : PPP) සිදුකරන ව්‍යාපෘතියක් ලෙස කළමනාකරණය කරනු ඇති බවයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...