13 ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් : ආණ්ඩුව ඇතුළෙත් – පිටත් එකඟතාවක් නෑ !

Share post:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

මේ අනුව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය. මෙම ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවධාරණය කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් නැත. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කර තිබිණි.

එසේ ම දෙමළ ජාතික සන්ධානය සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවලදී ද මේ සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවකට පැමිණීමට හැකියාවක් ලැබී නැත. විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග ජනාධිපතිවරයා මේ පිළිබඳව පැවැත්වීමට උත්සාහ කළ සාකච්ඡාව ද අසාර්ථක වූ අතර, ඉදිරියේදී යළිත් සර්ව පාක්ෂික රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබිණි. ඉන්දියාවේ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ය. එහිදී නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටින්නේ විපක්ෂ සන්ධානයයි. මේ නිසා ලංකාවේ උතුරු – නැගෙනහිර ගැටලුව එම මැතිවරණයේදී තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...