13 ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් : ආණ්ඩුව ඇතුළෙත් – පිටත් එකඟතාවක් නෑ !

Share post:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

මේ අනුව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය. මෙම ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවධාරණය කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් නැත. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කර තිබිණි.

එසේ ම දෙමළ ජාතික සන්ධානය සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවලදී ද මේ සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවකට පැමිණීමට හැකියාවක් ලැබී නැත. විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග ජනාධිපතිවරයා මේ පිළිබඳව පැවැත්වීමට උත්සාහ කළ සාකච්ඡාව ද අසාර්ථක වූ අතර, ඉදිරියේදී යළිත් සර්ව පාක්ෂික රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබිණි. ඉන්දියාවේ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ය. එහිදී නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටින්නේ විපක්ෂ සන්ධානයයි. මේ නිසා ලංකාවේ උතුරු – නැගෙනහිර ගැටලුව එම මැතිවරණයේදී තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...