අයියා කෙනෙකි නිහඬම පත්තර කුලයේ

Share post:

පෙන්නා තරම අත රැදි පෑනෙහි බලයේ
ලියලා තිබේ බොහො දේ ඉහළම තලයේ
නොසැලෙන පරිදි කිසිවිට දිය පිරි කලයේ
අයියා කෙනෙකි නිහඬම පත්තර කුලයේ

ඔහු නම සමග සිළුමිණ මතකයට නැගේ
කූටප්‍රාප්තිය එහි කතුකමය හැඟේ
ඉරුදින සියත මව්බිම සරසවිය වගේ
පත්තරවලත් කළ වැඩ ඇත බොහොම අගේ

තිබුණේ අකුරුවලටයි කවදත් ඇල්ම
පත්තර දෙසයි හෙලුවේ තියුණුම බැල්ම
ඉතිහාසයක් ඇත වැඩ කළ වෙරිවෙල්ම
පත්තරකාරයයි මා දුටු නිව්ටල්ම

දෙන්නට දෙයක් නැත මා ළග ලොකු මිලක
අමුණමි ආදරය ⁣එනිසා කවි වැලක
මියගිය දිනක මොකටද තනලා ඵලක
කියවා සතුටු වෙනු මෙය මැතිදුණි තිලක

ප්‍රියන්ත කොඩිප්පිලි

බන සිකුරාදා (ජූලි 28) සවස 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හමුවෙමු.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...