ඉදිරි මාස තුන මීට වඩා භයානකයි – රාජිත : මේක නින්දිත තුච්ඡ ගැහිල්ලක් – කෙහෙළිය : විශේෂඥ කමිටුව අමාත්‍යංශයේදී රැස්වෙයි !

Share post:

ඖෂධ සම්බන්ධයෙන් මතුවී ඇති බරපතළ ගැටළුව පිළිබඳව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අතර උණුසුම් සංවාදයක් ඇති විය.

ඒ, අද (18) පාර්ලිමේන්තුවේදී ය.

ලියාපදිංචි නොමැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් ඇති බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙහිදී සඳහන් කළේය.

‘මේක නවත්තන්න බෑ. දැන් මේක නතර කළත් ඉක්මනට බෙහෙත් කොහෙන් ගේන්නද, ඉදිරි මාස තුන මීට වඩා භයානකයි.’

ඊට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ‘මේක නිදහස් සෞඛ්‍ය ගැන ජනතාව බිය ගැන්වීමක්. මේ කියන්න උත්සාහ කරන්නෙ මොකක්ද? නිදහස් සෞඛ්‍ය සේවයට නින්දිත තුච්ඡ ගැහිල්ලක් මේ කරන්නෙ’ යනුවෙනි.

විශ්වාසභංගයක්

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවයි. පසුගියදා රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර තිබිණි. මේ සතියේ අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

‘මම යන්නෑ’

සුළු පිරිසකගේ විරෝධය නිසා ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් නැති බව මෙහිදී කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සත්‍යග්‍රහයක්

සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් වහාම සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවට බලකරමින් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ද ආරම්භ කරන ලදි.

පසුගිය සති දෙක තුළ ඖෂධ භාවිතයෙන් පසු සිදුවූ මරණ 10කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සැක මතුවී තිබෙන අතර, එම මරණවලට හේතුව ප්‍රමිතියෙන් තොර ඖෂධ විය හැකි බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් විසින් ම අවධාරණය කර තිබිණි.

සති 03ක්

මේ අතර දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධ භාවිත කිරීමෙන් පසු වාර්තා වූ ජීවිත හානි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පත්කළ සත් පුද්ගල විශේෂඥ කමිටුව අද (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මුල්වරට රැස්විය. මෙම කමිටුවේ වාර්තා සති 03ක් ඇතුළත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බාර දිය යුතුය.

මෙහි ආසන්නතම සිදුවීම් වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ කුඩා බිලිඳියක මියයාම සහ පේරාදෙණිය රෝහලේදී 21 හැවිරිදි තරුණියක මියයෑමයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...