ඉදිරි මාස තුන මීට වඩා භයානකයි – රාජිත : මේක නින්දිත තුච්ඡ ගැහිල්ලක් – කෙහෙළිය : විශේෂඥ කමිටුව අමාත්‍යංශයේදී රැස්වෙයි !

Share post:

ඖෂධ සම්බන්ධයෙන් මතුවී ඇති බරපතළ ගැටළුව පිළිබඳව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අතර උණුසුම් සංවාදයක් ඇති විය.

ඒ, අද (18) පාර්ලිමේන්තුවේදී ය.

ලියාපදිංචි නොමැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් ඇති බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙහිදී සඳහන් කළේය.

‘මේක නවත්තන්න බෑ. දැන් මේක නතර කළත් ඉක්මනට බෙහෙත් කොහෙන් ගේන්නද, ඉදිරි මාස තුන මීට වඩා භයානකයි.’

ඊට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ‘මේක නිදහස් සෞඛ්‍ය ගැන ජනතාව බිය ගැන්වීමක්. මේ කියන්න උත්සාහ කරන්නෙ මොකක්ද? නිදහස් සෞඛ්‍ය සේවයට නින්දිත තුච්ඡ ගැහිල්ලක් මේ කරන්නෙ’ යනුවෙනි.

විශ්වාසභංගයක්

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවයි. පසුගියදා රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර තිබිණි. මේ සතියේ අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

‘මම යන්නෑ’

සුළු පිරිසකගේ විරෝධය නිසා ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් නැති බව මෙහිදී කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සත්‍යග්‍රහයක්

සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් වහාම සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවට බලකරමින් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ද ආරම්භ කරන ලදි.

පසුගිය සති දෙක තුළ ඖෂධ භාවිතයෙන් පසු සිදුවූ මරණ 10කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සැක මතුවී තිබෙන අතර, එම මරණවලට හේතුව ප්‍රමිතියෙන් තොර ඖෂධ විය හැකි බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් විසින් ම අවධාරණය කර තිබිණි.

සති 03ක්

මේ අතර දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධ භාවිත කිරීමෙන් පසු වාර්තා වූ ජීවිත හානි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පත්කළ සත් පුද්ගල විශේෂඥ කමිටුව අද (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මුල්වරට රැස්විය. මෙම කමිටුවේ වාර්තා සති 03ක් ඇතුළත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බාර දිය යුතුය.

මෙහි ආසන්නතම සිදුවීම් වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ කුඩා බිලිඳියක මියයාම සහ පේරාදෙණිය රෝහලේදී 21 හැවිරිදි තරුණියක මියයෑමයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...