එකම නගරය දෙවරක් දැකිය හැකිය..!

363

ඇවිද යමි
ඒ කඳුකර නඟරය සිසාරා
තිස් වසරකට පසුව…

වෙරළු අච්චාරු ව ගත්
කඩ පොඩිත්ත තිබූ බිම පසුවෙද්දි
දිව කිතිකවයි
ඒ ඉමිහිරි ඇඹුල් රස…!

නිරුවත් දෙපා තබද්දී
මේ රේල් පීලි මත
මඳ උනුහුමක් සියොලඟ සිසාරා
දෙකන් පෙති රතු කරයි…!

මහළු රොබරෝසියා ගස
මේ දැන් පාමුල හෙලූ
මේ මල් පෙතිම තමයි
ඈ කෙහෙරැල්ල හැඩි කොට
අනුරාගී දැගලිල්ල මවා දුන්නේ…!

වළාකුළු බැම්ම මත හිද බලමි
එදා පීනා ගිය හන්සිය ම
පීනා යයි එහා ඉවුරට
සිහින් ජල රැලිත්තක් පමණක්
පා කොට මා වෙත…!

ඇත්තමයි…
ඔරලෝසු කණුව ලඟ බස්නැවතුම
එදා විදියට ම
අදත්
මා පපුව හිර කරයි….!

රෝහණ පොතුලියද්ද