විකාශන අධිකාරිය හදන්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හංගයි !

Share post:

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තීරණයක් ගන්නා ලද කැබිනට් පත්‍රිකා මුදා හැරීම සිදුවුවද විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකරියක් හඳුන්වාදීමට පනතක් ගෙන ඒම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ලබා දීම අමාත්‍ය මණ්ඩල කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ තොරතුරු නිලධාරියා වන ඩබ්ලිව් කේ වීරවර්ධන මෙම තොරතුරු ඉල්ලීම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නේය. එම දැනුම්දීමට එරෙහිව එම පනත යටතේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ නම් කළ නිලධාරී ලෙස කටයුතු කරන අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව් එම් ඩී ජේ ප්‍රනාන්දු ද අභියාචනයට අදාළ ව තොරතුරු නිලධාරියාගේ තීන්දුව ස්ථිර කරමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබාදුනහොත් යෝජිත මාධ්‍ය බලපත්‍ර ලබාදීමේ හා නියාමනය කිරීමට අදාළ නීතිය බලාත්මක කිරීමේ කර්යයට බලපෑමක් සිදුවිය හැකි බැවින් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදානොහරින ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දුන් බව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනතේ 5.1.එ යටතේ මෙම තොරතුරු ඉල්ලීම හා අභියාචනය ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය දැනුම්දී තිබේ.

යෝජිත විද්‍යුත් විකාශන කොමිෂන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පතේ අවසන් නොවූ පිටවතක් ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් විද්‍යුත් විකාශකයන්ගේ සංසදයට ලබාදී තිබුණු අතර, එම කෙටුම්පතේ සඳහන් විධිවිධාන මගින් ජනමාධ්‍ය නිදහසට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට බරපතළ චෝදනා එල්ල විය.

මෙලෙස තොරතුරු පනත අනුව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එම කෙටුම්පත සකස් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවයි.

තොරතුරු නිලධාරියාගේ ප්‍රතිචාරය පහත දැක්වේ.

CB/RTI/01/02(2023/67) 2023‑06‑12

ලියාපදිංචි අංකය 2023/67

තරිඳු ජයවර්ධන,

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ඉදිරිපත් කරන ලද තොරතුරු ඉල්ලීම: තීරණය දැනුම් දීම

විද්‍යුත් තැපැල් මගින් මෙම කාර්යාලයට ලැබුණු ලියාපදිංචි අංක 2023/67 දරන ඔබගේ 2023‑06-05 දිනැති තොරතුරු ඉල්ලීම හා බැඳේ.

  1. එකී තොරතුරු ඉල්ලීමේ ඔබ විසින් ඉල්ලා ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් තොරතුරු බාහිර පාර්ශ්ව වෙත හෙළි කිරීමෙන් යෝජිත මාධ්‍ය බලපත්‍ර ලබාදීමේ හා නියාමනය කිරීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ කිර්යයට බලපෑමක් සිදුවිය හැකි බැවින් එකී තොරතුරු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරන බව අදාළ තොරතුරු මෙම කාර්යාලය වෙත සපයන ලද ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඉහත පනතේ 29(2) වගන්තිය යටතේ මා වෙත වෙත දැනුම් දී ඇත.
  2. එබැවින්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(එ) උපවගන්තියේ විධිවිධාන අනුව ඔබගේ තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව කණගාටුවෙන් දැනුම් දෙමි.
  3. ඉහත තීරණය හෝ අදාළ කාලරාමු පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවේ නම් සති දෙකක (02) කාල සීමාවක් තුළ RTI 10 ආකෘතිය මඟින් හෝ ලිපියක් මඟින් පහත සඳහන් නම් කළ නිලධාරි වෙත අභියාචනය කළ හැකි බවද දන්වමි.

නම් කළ නිලධාරිගේ (අභියාචන බලධාරියාගේ)
නම – ඩබ්ලිව්. එම්. ඩී.ජේ. ප්‍රනාන්දු
තනතුර – අමාත්‍ය මණ්ඩලයේ ලේකම්
ලිපිනය – අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ලොයිඩ්ස් ගොඩනැගිල්ල, ශ්‍රිමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01.
මෙයට – විශ්වාසී,
ඩබ්ලිව්.කේ. වීරවර්ධන
තොරතුරු නිලධාරි/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
දුරකතන අංකය – 0112431011
විද්‍යුත් තැපැල් – [email protected]

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...