“භූමි ඒ චරිතයට තෝරාගැනීමම අභීට හා කස්සාට අභියෝගයක් වෙන්න ඇති”

Share post:

අභී කියන්නේ වෙනස් ජීවන දැක්මක් තියෙන ශිල්පිනියක්. ඇය ඇගේ අදහස් පළකරන්න බය නෑ. ඇත්තම කිව්වොත් ඇය ගේයක්කාරිනියක්. මෑත කාලය තුල ඇය නිර්මාණය ගීත එකාකාරී රටාවෙන් මිදී ඇය කල ගී නිර්මාණයන් ලෙසයි මම දකින්නේ.

මේ ඇගේ අලුත්ම නිර්මාණය. මේක හිත කීරිගස්සන නිර්මාණයක්. ප්‍රේමය නම් කිමැයි කියා අපට හරියටම නිර්වචනයක් හොයා ගන්න තවමත් බෑ. ප්‍රේමය බිඳවැටීමෙන් පසුව ප්‍රේමවන්තයින්ගේ සිත් මනස වැඩ කරන ආකාරය ගැන කාටවත් පරිකල්පනය කරන්න බෑ.

මේ ගීතයට අදාල සංගීත වීඩියෝවත් අපූරු නිර්මාණයක්. අදියුරු කස්සාට මගේ ආදරය. ඒ වගේම එහි මුඛ්‍ය චරිත සඳහා අභී සහ කස්සා තෝරාගත් අශාන් ඩයස් හා භූමි හරේන්ද්‍ර යන දෙදෙනා .. ඔවුන් දෙදෙනාම ඒ අභියෝගය ජයගන්නවා. භූමි ඒ චරිතයට තෝරාගැනීමම අභීට හා කස්සාට අභියෝගයක් වෙන්න ඇති. ඒ අභියෝගයක් බිය නැතිව ගැනීම ගැන මගේ ගෞරවය ඔවුන් දෙදෙනාට.

ගීතය අවසානයේ අභී ම පවසන මේ වදන් ටික බලන්න. එයම ඇති ප්‍රේමය නිර්වචනය කරගන්න නව කවුළුවක් විවෘත කර ගන්න.

“මිනිස්සු ආදරය කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලයේම එකම එක වතාවක් විතරයි. මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්.ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා. “
ගීතය පහත සබැඳියෙන් රස විඳින්න

කපිල එම්. ගමගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...