සණස ලයිෆ් මෙරට ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම බවට පත් වේ !

Share post:

2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී සියලුම ජීවිත රක්ෂණ ආයතන අභිබවා 90%ක වර්ධන වේගයක් වාර්තා කරමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 8 වන ස්ථානයට පත් වී ඇත.

2022 ප්‍රථම කාර්තුවේදී දළ වාරික ආදායම රු. මි. 504ක් වූ අතර 2023 ප්‍රථම කාර්තුව අවසන් වන විට දළ වාරික ආදායම රු. මි. 959 දක්වා වර්ධනය වූ අතර එහි ප්‍රතිශතය 90%කි. අනෙකුත් රක්ෂණ ආයතන අභිබවා වැඩිම වර්ධන වේගයක් වාර්තා කිරීම මෙහි ඇති සුවිශේෂ කරුණයි. 2022 වර්ෂයේ රක්ෂණ සමාගම් අතර 9 වැනි ස්ථානයේ සිටි සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මෙම වර්ධනයත් සමඟ 2023දී අට වැනි ස්ථානයට පත් වී ඇත. එසේම රක්ෂණ වෙළෙඳපොළේ ඔවුන්ගේ වෙළෙඳපොළ කොටස 2.8% දක්වා වර්ධනය වී ඇත.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා පැවසුවේ ආයතනයේ සියලුම සේවකයන්ගේ කැපවීම සහ උත්සාහය නිසා මෙවැනි ජයග්‍රහණයක් ලැබූ බවත්, අභියෝගාත්මක ඉදිරි කාලයේදීත් ආයතනය සිය ඉලක්ක ජය ගනු ඇති බවත්ය.

“සෑම විටම පාරිභෝගික අවශ්‍යතාවලට මුල් තැන දෙමින්, පාරිභෝගික අවශ්‍යතා මනා ලෙස වටහා ගනිමින් රක්ෂණ සේවා සැළසුම් කිරීම සහ හඳුන්වා දීම අප ලැබූ වාර්තාගත වර්ධනයට හේතුවක් වුණා. ඉදිරියේදී පාරිභෝගික විශ්වාසය තව දුරටත් තහවුරු කර ගනිමින් ඉහළ මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.

ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස කීප වරක්ම දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සේවා සම්පාදකයෙකි. වර්තමානයේදී මධ්‍යම හා ඉහළ ආදායම් උපයන ජනතාව උදෙසාද නව්‍යතාවෙන් යුතු රක්ෂණ සැළසුම් හඳුන්වා දෙමින් සාර්ථකව ක්‍රියාත්මක වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් දිවයින පුරා ශාඛා 100කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත ය.

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...