2013 වසරෙන් පසු සර්බියාවේ සිදු වූ ඛේදජනක ම අපරාධයෙන් ජීවිත 09ක් අහිමි වෙයි !

Share post:

මේ ඡායාරූපයට අදාළ වීඩියෝව මේ වෙද්දී ගොඩාක් දෙනෙක් දැකලා ඇති. සමහර අය Share කරලා තියෙනවත් දැක්කා. ඡායාරූපයට අදාළ කතාව සිදුවන්නේ 2023 මැයි 03 වනදා සර්බියාවේ අගනුවර ආසන්නයේ පාසලක.
වයස අවුරුදු 13ක් වන පාසල් සිසුවෙකු සිය පියාගේ ආරක්ෂිත සේප්පුවේ රහස් කේතය සොයාගෙන එහි තබා තිබූ ගිනි අවි දෙකක් හොර රහසේම අරන් ගමන් මල්ලක දමාගෙන තිබූ බවත්, පසුව සිය පාසල වෙත යන මේ සිසුවා එම ගිනි අවියක් රැගෙන පාසලේ මුරකරුට ප්‍රථමයෙන් වෙඩි තබා තිබුණු බව පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබුණා.

ඊට පස්සේ ඔහු අතට ගන්නේ නම් ලැයිස්තුවක් ලියා තිබුණු පුංචි කඩදාසි කැබැල්ලක්, ඉන්පසුව ඔහු සිය පංති කාමරය වෙත ගොස් සිසුවියන් 07 දෙනෙකුට සහ එක් සිසුවෙකුට වෙඩි තබා ඝාතනය කරන අතර ඔහු කළ වෙඩි තැබීමෙන් තවත් සිසුන් සිව් දෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු, ගුරුවරයෙකු බරපතළ තුවාල ලබා තිබුණා.

ඒ අනුව පොලීසිය විසින් මෙලෙස හිස වසාගෙන රැගෙන යන සිසුවා අතින් එදින මිය ගිය පිරිස 09 දෙනෙකු ලෙස සටහන්ව තිබුණා.

වෙඩි තැබිමෙන් අනතුරුව ඔහු විසින් පොලීසියට කතා කොට සිදුවීම පිළිබඳව පවසා තිබූ බවත් පසුව පොලීසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගන්නා තුරු පාසලේ මිදුලේ රැඳී සිට තිබූ බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔහුව වෛද්‍ය පරික්ෂණයක් වෙත වහාම යොමු කර තිබූ අතර එහිදී ඔහු විසින් මත්ද්‍රව්‍යයක් භාවිත කොට තිබූ බවට අනාවරණය වුණා කියලා සඳහන්.

අදාළ සිසුවාගේ මෙම ක්‍රියාවට හේතුවක් නිශ්චිතවම මාධ්‍ය විසින් පවසා නොතිබුණත්, සමාජ මාධ්‍ය පරිශිලකයින් විසින් පවසා තිබුණේ ඔහුට පාසලේ දී හිරහැර (Bully) කළ පිරිසක් මෙලෙස ඝාතනය කරන්නට ඇති බවයි.
අත්අඩංගුවට පත් අදාළ සිසුවා මේ වන විට මානසික සායනික ප්‍රතිකාර ලැබීම සඳහා යොමු කොට ඇති අතර, ඔහුගේ දෙමාපියන්වද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි සිදුවීම් අතිශයෙන්ම දුර්ලභ රටක් වූ සර්බියාවේ, 2013 වසරෙන් පසුව සිදුවූ ඛේදජනකම අපරාධය මෙය බවට සර්බියානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට තිබුණු අතර සිදුවීම සම්බන්ධයෙන් ශෝක කාලයක් ද ප්‍රකාශ කර තිබු බවත් සඳහන්..

ලෝකයේ ගිනි අවි සම්බන්ධයෙන් දැඩිම නීතියක් ක්‍රියාත්මක වන රටක් ලෙස සර්බියාව ප්‍රසිද්ධියට පත්ව තිබුණත් ලෝකයේ සිවිල් වැසියන්ටත් ගිනි අවි භාවිත කිරීමේ හැකියාව ඇති රටවල් අතරින් සර්බියාව පසුවන්නේ 05 වන ස්ථානයේ.

මේ සිදුවිමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ඇති ගිනි අවි පිළිබඳව සොයා බැලීමටත් එරට රජය තීරණය කරලා තිබෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

සංජේ රණවක

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...