2013 වසරෙන් පසු සර්බියාවේ සිදු වූ ඛේදජනක ම අපරාධයෙන් ජීවිත 09ක් අහිමි වෙයි !

Share post:

මේ ඡායාරූපයට අදාළ වීඩියෝව මේ වෙද්දී ගොඩාක් දෙනෙක් දැකලා ඇති. සමහර අය Share කරලා තියෙනවත් දැක්කා. ඡායාරූපයට අදාළ කතාව සිදුවන්නේ 2023 මැයි 03 වනදා සර්බියාවේ අගනුවර ආසන්නයේ පාසලක.
වයස අවුරුදු 13ක් වන පාසල් සිසුවෙකු සිය පියාගේ ආරක්ෂිත සේප්පුවේ රහස් කේතය සොයාගෙන එහි තබා තිබූ ගිනි අවි දෙකක් හොර රහසේම අරන් ගමන් මල්ලක දමාගෙන තිබූ බවත්, පසුව සිය පාසල වෙත යන මේ සිසුවා එම ගිනි අවියක් රැගෙන පාසලේ මුරකරුට ප්‍රථමයෙන් වෙඩි තබා තිබුණු බව පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබුණා.

ඊට පස්සේ ඔහු අතට ගන්නේ නම් ලැයිස්තුවක් ලියා තිබුණු පුංචි කඩදාසි කැබැල්ලක්, ඉන්පසුව ඔහු සිය පංති කාමරය වෙත ගොස් සිසුවියන් 07 දෙනෙකුට සහ එක් සිසුවෙකුට වෙඩි තබා ඝාතනය කරන අතර ඔහු කළ වෙඩි තැබීමෙන් තවත් සිසුන් සිව් දෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු, ගුරුවරයෙකු බරපතළ තුවාල ලබා තිබුණා.

ඒ අනුව පොලීසිය විසින් මෙලෙස හිස වසාගෙන රැගෙන යන සිසුවා අතින් එදින මිය ගිය පිරිස 09 දෙනෙකු ලෙස සටහන්ව තිබුණා.

වෙඩි තැබිමෙන් අනතුරුව ඔහු විසින් පොලීසියට කතා කොට සිදුවීම පිළිබඳව පවසා තිබූ බවත් පසුව පොලීසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගන්නා තුරු පාසලේ මිදුලේ රැඳී සිට තිබූ බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔහුව වෛද්‍ය පරික්ෂණයක් වෙත වහාම යොමු කර තිබූ අතර එහිදී ඔහු විසින් මත්ද්‍රව්‍යයක් භාවිත කොට තිබූ බවට අනාවරණය වුණා කියලා සඳහන්.

අදාළ සිසුවාගේ මෙම ක්‍රියාවට හේතුවක් නිශ්චිතවම මාධ්‍ය විසින් පවසා නොතිබුණත්, සමාජ මාධ්‍ය පරිශිලකයින් විසින් පවසා තිබුණේ ඔහුට පාසලේ දී හිරහැර (Bully) කළ පිරිසක් මෙලෙස ඝාතනය කරන්නට ඇති බවයි.
අත්අඩංගුවට පත් අදාළ සිසුවා මේ වන විට මානසික සායනික ප්‍රතිකාර ලැබීම සඳහා යොමු කොට ඇති අතර, ඔහුගේ දෙමාපියන්වද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි සිදුවීම් අතිශයෙන්ම දුර්ලභ රටක් වූ සර්බියාවේ, 2013 වසරෙන් පසුව සිදුවූ ඛේදජනකම අපරාධය මෙය බවට සර්බියානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට තිබුණු අතර සිදුවීම සම්බන්ධයෙන් ශෝක කාලයක් ද ප්‍රකාශ කර තිබු බවත් සඳහන්..

ලෝකයේ ගිනි අවි සම්බන්ධයෙන් දැඩිම නීතියක් ක්‍රියාත්මක වන රටක් ලෙස සර්බියාව ප්‍රසිද්ධියට පත්ව තිබුණත් ලෝකයේ සිවිල් වැසියන්ටත් ගිනි අවි භාවිත කිරීමේ හැකියාව ඇති රටවල් අතරින් සර්බියාව පසුවන්නේ 05 වන ස්ථානයේ.

මේ සිදුවිමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ඇති ගිනි අවි පිළිබඳව සොයා බැලීමටත් එරට රජය තීරණය කරලා තිබෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

සංජේ රණවක

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...