‘නෙළුම් පොකුණ හොඳයි සර්කස් පෙන්නන්න’ : ජුනි 21 ලයනල් වෙන්ඩ්ට් එන්න !

Share post:

ගනුවර නාට්‍යයක් රඟ දක්වන්න සුදුසු රංගශාලා තියෙන්නේ දෙකයි. එකක් ලයනල් වෙන්ට් රඟහල. අනික එල්ෆින්ස්ටන් එක. මේ දෙකෙනුත් නළු නිළියන් රඟපාන්න කැමති Wendt (ලයනල් වෙන්ට්) එකේ. නාට්‍යකාරයෙක් හැටියට මම නම් රඟ දක්වන්න කැමති ම Wendt (ලයනල් වෙන්ට්) එකේ තමා.

හොඳට තිබුණු ජෝන් ද සිල්වා රඟහල කඩල මොකක්ද අටමගලයක් අටවනවා අවුරුදු ගාණක් තිස්සේ ඉඳන්. නෙළුම් පොකුණ හොඳයි සර්කස් පෙන්නන්න. ඉතිං Lionel Wendt එක අවුරුද්ද පුරාවටම වෙන්වෙලා. හොඳයි. නාට්‍ය පෙන්නන්න නේ !

රසිකයෝ අහනවා මාසෙකට සැරයක්වත් නාට්‍යය පෙන්නන්නේ නැද්ද කියලා. කොහේ පෙන්නන්නද? පෙන්නන්න තැනක් තියෙන්න ඕනනෙ.

ඔන්න බොහොම අමාරුවෙන් Wendt එකේ දිනයක් ගත්තා. ඒක බදාදා දවසක්.
සති අන්තයක් වෙනකන් බලා හිටියොත් එළුවා ගේ මොකක්ද එක වැටෙනකම් පස්සෙන් ගිය සතාට වුණ දේ තමයි වෙන්නේ. කැමති අය, මගහැරුනු අය බලන්න. ජුනි 21 හවස හතට 7 ට නේ. වැඩ ඉවර වෙලා එන්න.

අශෝක හඳගම

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...