‘නෙළුම් පොකුණ හොඳයි සර්කස් පෙන්නන්න’ : ජුනි 21 ලයනල් වෙන්ඩ්ට් එන්න !

Share post:

ගනුවර නාට්‍යයක් රඟ දක්වන්න සුදුසු රංගශාලා තියෙන්නේ දෙකයි. එකක් ලයනල් වෙන්ට් රඟහල. අනික එල්ෆින්ස්ටන් එක. මේ දෙකෙනුත් නළු නිළියන් රඟපාන්න කැමති Wendt (ලයනල් වෙන්ට්) එකේ. නාට්‍යකාරයෙක් හැටියට මම නම් රඟ දක්වන්න කැමති ම Wendt (ලයනල් වෙන්ට්) එකේ තමා.

හොඳට තිබුණු ජෝන් ද සිල්වා රඟහල කඩල මොකක්ද අටමගලයක් අටවනවා අවුරුදු ගාණක් තිස්සේ ඉඳන්. නෙළුම් පොකුණ හොඳයි සර්කස් පෙන්නන්න. ඉතිං Lionel Wendt එක අවුරුද්ද පුරාවටම වෙන්වෙලා. හොඳයි. නාට්‍ය පෙන්නන්න නේ !

රසිකයෝ අහනවා මාසෙකට සැරයක්වත් නාට්‍යය පෙන්නන්නේ නැද්ද කියලා. කොහේ පෙන්නන්නද? පෙන්නන්න තැනක් තියෙන්න ඕනනෙ.

ඔන්න බොහොම අමාරුවෙන් Wendt එකේ දිනයක් ගත්තා. ඒක බදාදා දවසක්.
සති අන්තයක් වෙනකන් බලා හිටියොත් එළුවා ගේ මොකක්ද එක වැටෙනකම් පස්සෙන් ගිය සතාට වුණ දේ තමයි වෙන්නේ. කැමති අය, මගහැරුනු අය බලන්න. ජුනි 21 හවස හතට 7 ට නේ. වැඩ ඉවර වෙලා එන්න.

අශෝක හඳගම

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...