පළමු වැනි ජාතික යොවුන් වූෂූ තරගාවලිය : අවසන් මහා තරග හෙට ඇරඹේ

Share post:

පළමු වැනි ජාතික යොවුන් වූෂූ තරගාවලියේ අවසන් මහ තරග හෙට (15 )-16 සහ 17 දිනවලදී මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම තරගාවලිය දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි, පැවැත්වුණු අතර එහි තරග පසුගිය පෙබරවාරි මාසයේ සිට පැවැත්විණි.

ඒ අනුව එහි අවසන් වටයේ තරග පෙළ හෙට ආරම්භ වීමට නියමිත අතර මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයයි.

වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තාඕලු (නර්තන) තරග පැවැත්වේ.

සන්දා (ද්වන්ධ සටන්) තරග 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වීමට නියමිතය.

ළමා සහ කනිෂ්ඨ සන්දා තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ පළමු වැනි වතාවටය. පාසල් දරු දැරියන්ට පනවා තිබූ සන්දා තරග තහනම හේතුවෙන් යොවුන් සන්දා තරග පැවැත්වෙන්නේ වසර 12 කට පසුවය.

එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තාඕලු ඉසව් 10 ක් ද මෙවර යොවුන් තරගාවලියට ඇතුළත් කර තිබේ.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...