පළමු වැනි ජාතික යොවුන් වූෂූ තරගාවලිය : අවසන් මහා තරග හෙට ඇරඹේ

Share post:

පළමු වැනි ජාතික යොවුන් වූෂූ තරගාවලියේ අවසන් මහ තරග හෙට (15 )-16 සහ 17 දිනවලදී මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම තරගාවලිය දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි, පැවැත්වුණු අතර එහි තරග පසුගිය පෙබරවාරි මාසයේ සිට පැවැත්විණි.

ඒ අනුව එහි අවසන් වටයේ තරග පෙළ හෙට ආරම්භ වීමට නියමිත අතර මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයයි.

වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තාඕලු (නර්තන) තරග පැවැත්වේ.

සන්දා (ද්වන්ධ සටන්) තරග 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වීමට නියමිතය.

ළමා සහ කනිෂ්ඨ සන්දා තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ පළමු වැනි වතාවටය. පාසල් දරු දැරියන්ට පනවා තිබූ සන්දා තරග තහනම හේතුවෙන් යොවුන් සන්දා තරග පැවැත්වෙන්නේ වසර 12 කට පසුවය.

එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තාඕලු ඉසව් 10 ක් ද මෙවර යොවුන් තරගාවලියට ඇතුළත් කර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...