ඉන්දියාවේ පළමු Apple වෙළඳසැල විවෘත වේ

Share post:

Apple සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් අද ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායිහි තම සමාගමේ පළමු වෙළඳසැල දියත් කළේය.

එමෙන්ම දිල්ලි අගනුවර Apple හි දෙවන වෙළඳසැල එළැඹෙන බ්‍රහස්පතින්දා (20) විවෘත කිරීමට නියමිතව ඇත.

මේ වන විට ඇපල් නිෂ්පාදන ඉන්දියාවේදී අන්තර්ජාලය හරහා හෝ නැවත විකුණුම් ජාල හරහා මිලදී ගත හැකිය.

ටිම් කුක් ඊයේ (17) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු මුම්බායි හි නව වෙළඳසැලට පැමිණෙන ගනුදෙනුකරුවන් පිළිගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවයි.

මේ අතර අද විවෘත කරන ලද මුම්බායි හි නව අලෙවිසැලේ සේවකයින් ඔල්වරසන් දෙමින් සහ අත්පුඩි ගසමින් සිටියදී කුක් පුද්ගලිකව ගනුදෙනුකරුවන් පිළිගන්නා අයුරු දැකගත හැකි විය.

ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉතා අවම තත්ත්වයක පවතී.

මෙම නවතම ඇපල් වෙළඳසැල විවෘත කිරීමත් සමග ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම වැඩි වනු ඇති බවට එම සමාගම විශ්වාස කරයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...