ඉන්දියාවේ පළමු Apple වෙළඳසැල විවෘත වේ

Share post:

Apple සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් අද ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායිහි තම සමාගමේ පළමු වෙළඳසැල දියත් කළේය.

එමෙන්ම දිල්ලි අගනුවර Apple හි දෙවන වෙළඳසැල එළැඹෙන බ්‍රහස්පතින්දා (20) විවෘත කිරීමට නියමිතව ඇත.

මේ වන විට ඇපල් නිෂ්පාදන ඉන්දියාවේදී අන්තර්ජාලය හරහා හෝ නැවත විකුණුම් ජාල හරහා මිලදී ගත හැකිය.

ටිම් කුක් ඊයේ (17) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු මුම්බායි හි නව වෙළඳසැලට පැමිණෙන ගනුදෙනුකරුවන් පිළිගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවයි.

මේ අතර අද විවෘත කරන ලද මුම්බායි හි නව අලෙවිසැලේ සේවකයින් ඔල්වරසන් දෙමින් සහ අත්පුඩි ගසමින් සිටියදී කුක් පුද්ගලිකව ගනුදෙනුකරුවන් පිළිගන්නා අයුරු දැකගත හැකි විය.

ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉතා අවම තත්ත්වයක පවතී.

මෙම නවතම ඇපල් වෙළඳසැල විවෘත කිරීමත් සමග ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම වැඩි වනු ඇති බවට එම සමාගම විශ්වාස කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...