හම විතරක් තිබුණ ම ඇති මට අවුරුදු කන්න

Share post:

මීන රාසියෙන් මේසෙට කකුළ තියාගන්න
සූරිය දෙවියෝ කලිසම ඇඳගත්තා අන්න
මගෙ සේරම ඇටකටු ටික මහත්තුරු ම ගන්න
හම විතරක් තිබුණ ම ඇති මටත් ගමේ යන්න

ඇට දෙක තුන හතර කියා ගාණක් නෑ ඔන්න
ඉලකූඩුව උරපතු ඇට උගුල්ලලා ගන්න
කොඳුඇට පේලිය ගලවා දෙකට නවා ගන්න
හම විතරක් තිබුණ ම ඇති මට අවුරුදු කන්න.

උකුල් ඇටේ ගැලෙව්වාට තරහක් නෑ ඔන්න
හැබැයි මගේ අහිංසක ම තට්ටම් දෙක දෙන්න
මං ආසයි ඒ දෙක නම් නටව නටව යන්න
හම විතරක් තිබුණ ම ඇති මට අවුරුදු කන්න.

මහත්තුරුනි ඇටකටු ටික සුප් එකකට ගන්න
ඇටමිඳුළුත් මිරිකාගෙන ඉස්ම ටිකත් බොන්න
මට ඒ හැටි බරකුත් නෑ උස්සාගෙන යන්න
හම විතරක් තිබුණ ම ඇති මට අවුරුදු කන්න.

පොඩි උන්ටයි මායියටයි කැවිලි ටිකක් ගන්න
ඇටකටු සේරම අරගෙන කීයක් හරි දෙන්න
හම නැත්තං බිම වැටෙනා සේරම ඔබ ගන්න
හම විතරක් තිබුණ ම ඇති මටත් ගමේ යන්න.

කුමාර හෙට්ටිආරච්චි

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...