හම විතරක් තිබුණ ම ඇති මට අවුරුදු කන්න

Share post:

මීන රාසියෙන් මේසෙට කකුළ තියාගන්න
සූරිය දෙවියෝ කලිසම ඇඳගත්තා අන්න
මගෙ සේරම ඇටකටු ටික මහත්තුරු ම ගන්න
හම විතරක් තිබුණ ම ඇති මටත් ගමේ යන්න

ඇට දෙක තුන හතර කියා ගාණක් නෑ ඔන්න
ඉලකූඩුව උරපතු ඇට උගුල්ලලා ගන්න
කොඳුඇට පේලිය ගලවා දෙකට නවා ගන්න
හම විතරක් තිබුණ ම ඇති මට අවුරුදු කන්න.

උකුල් ඇටේ ගැලෙව්වාට තරහක් නෑ ඔන්න
හැබැයි මගේ අහිංසක ම තට්ටම් දෙක දෙන්න
මං ආසයි ඒ දෙක නම් නටව නටව යන්න
හම විතරක් තිබුණ ම ඇති මට අවුරුදු කන්න.

මහත්තුරුනි ඇටකටු ටික සුප් එකකට ගන්න
ඇටමිඳුළුත් මිරිකාගෙන ඉස්ම ටිකත් බොන්න
මට ඒ හැටි බරකුත් නෑ උස්සාගෙන යන්න
හම විතරක් තිබුණ ම ඇති මට අවුරුදු කන්න.

පොඩි උන්ටයි මායියටයි කැවිලි ටිකක් ගන්න
ඇටකටු සේරම අරගෙන කීයක් හරි දෙන්න
හම නැත්තං බිම වැටෙනා සේරම ඔබ ගන්න
හම විතරක් තිබුණ ම ඇති මටත් ගමේ යන්න.

කුමාර හෙට්ටිආරච්චි

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...