චහල් මාලිව පසුකරයි !

Share post:

නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන කේන් විලියම්සන්ට මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇත.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු රකිමින් සිටියදී විලියම්සන් දණහිසේ අබාධයකට ලක්වූ අතර, ඔහු ඉදිරි දින කිහිපය තුළදී ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත ය.

සුපර් කිංග්ස් ඉනිමේ 13 වැනි පන්දුවාරයේදී උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී විලියම්සන් ආබාධයට ලක්විය.

විලියම්සන් එක්දින තරග 161කදී ශතක 13ක් සමඟින් 47.83ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින අතර ඔහුට ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නොහැකි වීම නවසීලන්තයට විශාල පාඩුවක් වනු ඇත.

සිය ආබාධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කේන් විලියම්සන් පවසා සිටියේ තමන් සුවය ලැබීමට යම් කාලයක් ගතවනු ඇති බවත් එහෙත් හැකි ඉක්මනින් නැවත පිටියට පැමිණීමට කළ හැකි සෑම දෙයක්ම කරන්නෙමි.” යනුවෙනි.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහල් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට ඊයේ (5) සමත් විය.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ලකුණු 50 කට එක් කඩුල්ලක් දවා ගනිමිනි.

චහල් අයි.පී.එල් තරග 133 කදී බිද හෙලා ඇති කඩුලු ගණන 171 කි.

වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානය මෙතෙක් හිමි කර ගෙන සිටියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංගයි.

මාලිංග තරග 122 කදී කඩුලු 170 ක් බිද හෙලා තිබුණු අතර මේ වනවිට ඔහුට හිමිව ඇත්තේ වැඩිම කඩුලුලාභීන් අතර තෙවැනි ස්ථානයයි.

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන්නේ තරග 161 කදී කඩුලු 183 ක් බිද හෙලූ ඩ්වේයන් බ්‍රාවෝය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...