IPL – 2023 අද ඇරඹෙයි

Share post:

ඉන්දීය ප්‍රිමියර් ලීග් – 2023 තරගාවලියේ 16 වැනි අදියර අද (31 වැනිදා) ආරම්භ වේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් පසුගිය වසරේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද රාත්‍රී 7.30 ට අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය්දී තරග බිමට පිවිසීමට නියමිතය.

මෙවර මෙවර අයි.පී.එල්. තරගාවලිය තරග 74 කින් සමන්විත වන අතර ඊට කණ්ඩායම් 10 ක සහභාගි වේ.

ඊට මූලික වටයේ තරග 70 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඊට ඇතුළත් වේ.

ඉන්දියාව පුරා ක්‍රීඩාංගණ 12 කදී මෙවර තරගාවලියේ තරග පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ දක්වා ශූරතා 5 ක් (2013, 2015, 2017, 2019 සහ 2020) දිනා ඇති ඔවුන් 2010 වසරේදී අනු ශූරයන් බවට පත් විය.

එමෙනම ශූරතා 4 ක් (2010, 2011, 2018 සහ 2021) දිනා, අනු ශූරතා 5 කටද (2008, 2012, 2013, 2015 සහ 2019) හිමිකර ගෙන සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගි වන තවත් ප්‍රභල කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය.

පසුගිය වසරේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩයම හාර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වය යටතේ පළමු වරට IPL කුසලානය දිනා ගැනීමට තරගාවලියේ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...