චූල නොවුණ චූලානන්දගේ පොත් හයක් – මාර්තු 31 සවස 3.00 ට මහවැලි කේන්ද්‍රයේ

Share post:

මිනිසුන් ගැන සහතික ලියන්න අමාරු කාලෙක මිනිසකු ගැන වචන කිහිපයක් ලියන්න ලැබීමත් භාග්‍යයක්.. අද දවසේ මිනිසා කියන්නෙම පරිණාම මාර්ගයේ රිවස් එකට යන මානව රූපකයක්.. එහෙව් කාලයක තමා වෙත පවරා ගන්නා ලද පරම සමාජ වගකීමක් උරින් ගෙන, සමාජය දෙසට ඇස් කන් යොමා ගෙන, සමාජය විනිවිද දකිමින් ඉන් නොනැවතී සමාජ සමාජිකයන් ගේ හිස් මොළවලට බුද්ධිය දියකර වත් කරන මිනිසකු දක්නට ලැබීම දුලබ දර්ශනයක්..

එවන් දුලබ මිනිසකු ලෙසින් නම් කිරීමට මා කැමති සීමිත පිරිස අතරේ ඉදිරි පෙළ සිටින චූලා – චූලානන්ද සමරනායක හඳුන්වන්න මං කැමතියි.. චූලා අපේ යුගයේ බරපතළ කැරලිකරුවෙක්.. අප්‍රමාණ මිනිසෙක්.. අති දක්ෂ පරිවර්තකයෙක්.. කවියෙක්.. කලා, දේශපාලන සහ සමාජ විචාරකයෙක්. මිතුරන්ට හොඳම මිතුරෙක්.. සතුරන්ගේ ඉහ මොළ රත්කරන පරම සතුරෙක්… අවිද්‍යාවේ වලිගයෙන් අල්ලා කුම්භස්තලය පොළොවේ ගහන යෝධයෙක්… කොටින්ම කිවහොත් චූලා කියන්නෙ සදාකාලික විප්ලවකාරයෙක්…
එහෙව් චූලගෙ ජීවිතේ බරපතළ සමාජ මොහොතක් හෙට හවස මහවැලි කේන්ද්‍රයේ දි උදා වෙනවා.. එනිසා අප එහි යා යුතුයි… ඔහුගේ සමාජ දෘෂ්ටියේ විචිත්‍රත්වය මොනවට දක්වන පොත් හයක් එහි දී සමාජයට මුදා හරිනවා..
කවි, යොවුන් නවකතා, පරිවර්තන, ළමා ඈ සාහිත්‍ය ශානර නියෝජනය කරන මේ පොත් වැස්සට නොතෙමී අපට බැහැ ජීවිතයේ පිනි සිසිල ස්පර්ෂ කරන්න..
ඉතින් අපි හෙට – මාර්තු 31 සවස 3.00 ට මහවැලි කේන්ද්‍රයට යමු.
මේ අප්‍රමාණ මානව ප්‍රේමියාගේ සාහිත්‍ය ජීවනයට සුබ පතමින් එහි තෙත වින්දනය කරමු..

අනුරසිරි හෙට්ටිගේ

2023 මාර්තු 30..

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...