ක්‍රීඩා මාධ්‍යවේදී රංජන් පරණවිතානට සම්මානයක්

Share post:

ස්පෝර්ට්සින්ෆෝ ක්‍රීඩා කළමනාකරණ ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන ‘සිල්ක් ස්පෝර්ට්ස්’සම්මාන උළෙලෙහි ජීවිතයේ එක් වරක් පමණක් දිනා ගත් හැකි ක්‍රීඩා මාධ්‍යවේදීන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානය මෙවර ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී රංජන් පරණවිතානට හිමිවිය.

පසුගිය 20 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 8 වැනි වතාවටය.

රංජන් පරණවිතාන මාධ්‍යවේදීයෙක්, ක්‍රීඩා සංස්කාරකාරකවරයෙක් සහ කාටූන් කලාවේද දක්ෂයෙක් වන අතර “අන්නාසි මාමා” නමින් ප්‍රකට ක්‍රීඩා කොළමෙහි රචකයාද වේ.

ක්‍රිකට් ක්‍රීඩකයෙක්,මලල ක්‍රීඩකයෙක්,පාපන්දු ක්‍රිඩකයෙක් ලෙස කළුතර විද්‍යලයේ නමක් දිනාගත් ඔහු වත්මන වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණිෂ්ඨ ජාතික තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

මධ්‍යස්ථ විනිසුරු මණ්ඩලයක් විසින් නිර්දේශ කරනු ලබන නාමයෝජනා අතුරින් මහාචාර්ය රියර් අද්මිරාල් ශෙමාල් ප්‍රනාන්දු සහ ආචාර්ය හර්ෂ බී. අබේකෝන්ගේ සම සභාපතිත්වයෙන් යුතු විශේෂ ජූරි සභාවකින් මෙවර සිල්ක් ස්පෝර්ට්ස් සම්මානලාභීන් තෝරා ගන්නා ලදී.

එහිදී විවිධ ක්‍රීඩාවලින් දෙස් විදෙස් හි, ඉහළම දස්කම් පෑ කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සම්මානයට පාත්‍ර විය.

චාන්ස් ස්පෝර්ට්ස් සිල්ක් ස්පෝර්ට්ස් සම්මාන උලෙළ ලෙස නම් කර ඇති මෙම සම්මාන උලෙළ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීම වෙනුවෙන් වසර 2015 දී ආරම්භ වූවකි.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...