නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි : විරුද්ධව ඡන්ද 113යි – පක්ෂව එක ඡන්දයයි !

Share post:

නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට පක්ෂ ව එක් ඡන්දයක් පමණක් හිමි විය.

එම යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශය සඳහා පෙනීසිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් 2020 වසරේ දෙසැම්බර් 30 දින නිකුත් කළ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙතෙක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් පැවැත්වූ නීතිවිද්‍යාලයීය අධ්‍යයන පාඨමාලා සහ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයෙන් යෝජනා කර තිබිණි.

ඒ සඳහා ඡන්දයක් අවශ්‍ය බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගත්තේය.

ඡන්ද විමසීමේදී ගැසට් නිවේදනයට විපක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පමණක් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරයට අලි සබ්‍රි පත්වීමෙන් පසු නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා මුලින්ම ගෙන එන ලද යෝජනාවලින් එකක් වූයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු විභාග ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීම ය.

වසර 02කට පසු අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අද එය පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...