දැල් පන්දු යොවුන් සංචිතයේ පුහුණුවීම් අරඹයි : තෝරා ගැනීම් අප්‍රේල් මුලදී

Share post:

එළැඹෙන ජුනි මාසයේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල් පන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවීම් අද (07) ආරම්භ වීමට නියමිතව ඇත.

සංචිතය ක්‍රීඩිකාවන් 18 දෙනකුගෙන් සමන්විත වන අතර ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඉන් තෝරා ගැනෙනු ඇත.

එම තෝරා ගැනීම අප්‍රේල් මාසයේ මුල් සතිය තුලදී සිදුකිරීමට නියමිතය.

ආසියා යොවුන් නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ක්‍රීඩිකාවන් 35 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ගොඩනඟා තිබූ අතර, අවසන් ක්‍රීඩිකාවන් 18 අතරට එක් නොවූ ක්‍රීඩිකාවන් ජාතික සංවර්ධන සංචිතයට ඇතුළත් කිරීමට නියමිත ඇතැයි පැවසේ.

දමයන්ති ජයතිලකගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා නෙට්බෝල් තේරීම් කමිටුව විසින් තෝරා ගත් යොවුන් නෙට්බෝල් සංචිතයට හිරුණි හේෂානි, නෙත්මි පෙරේරා, නෙතංගා ගුණරත්න, ජිනාලි බාලසූරිය, මිනාගි කංකානම්ගේ, නෙත්මිණි විජේනායක, තරුෂි පෙරේරා, සරසි ගුණසිංහ, චලනි නිෂා, ඩිශාරා උමයංගනී, දෙව්මි බමුණුආරච්චි, උදාරී ගුරුගේ, ඩිල්මි විජේනායක, ඉදූෂා පෙරේරා, සජිනි රත්නායක, එස්.ටී.පතිරණගේ, ජී.ටී.එම්.වසන්තප්‍රිය සහ යූ.ජී.බී.එස්.එන්.උඩගෙදර ඇතුළත් වෙති.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...