සභාපති ධුරය ගැන තීන්දුවක් ගත්තා : කීර්තිමත් කෙනෙක් එනකම් ක්‍රියාත්මක කළේ නෑ – පොදුජන පෙරමුණු මහ ලේකම්

Share post:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ජී.එල්. පීරිස් ඉවත් කිරීමට තීරණය කළ ද, එය මෙතෙක් ක්‍රියාත්මක නොකළ බව එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් thetime.lk වෙත පැවසීය.

පෙරමුණේ නව සභාපති ධුරය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බවත්, ඒ අතරින් අයෙකු කඩිනමින් තෝරාගැනීමෙන් පසු අදාළ තීරණය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ විධායක සභාව අදාළ තීරණය ගෙන තිබිණි. ඊට හේතුව ලෙස ලේකම්වරයා සඳහන් කළේ ජී.එල්. පීරිස් තවදුරටත් තම පක්ෂය සමග එක්ව කටයුතු නොකිරීමයි. එසේ ම පක්ෂයේ සිටි, මේ වන විට වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමග කටයුතු කරන පීරිස් සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බව ඔහු පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ තීරණාත්මක පෙත්සමක පෙත්සම්කරු වූයේ ද හිටපු ඇමති ජී.එල්. පීරිස් ය.

පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා වශයෙන් පත්කිරීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවත්, ඒ අතරින් පක්ෂයට බාහිර සිවිල් සමාජය නියෝජනය කරන පුද්ගලයෙකු පත්කිරීමත්, සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු පත්කිරීමත් කැපිපෙනෙන බවත් ලේකම්වරයා පැවසීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...