අද 24 සිට 26 දක්වා “SOMEWHERE IN BETWEEN” කොළඹ හැරල්ඩ් පීරිස් කලාගාරයේ

Share post:

“SOMEWHERE IN BETWEEN” නමින් ප්‍රභානි අමන්දිකා අද දින පටන් ගත් චිත්‍ර ප්‍රදර්ශනය අනාගතවාදී සළකුණක දෘශ්‍ය සළකුණක්. ගමන් කරන මනුස්සයෙකුට එක එක තැන්වලදි දේවල් මුණගැහෙනවා. අපි ඒ ඒ මොහොතේ නිස්චිත දැනුමෙන් වැඩ කරන්නෙ. ප්‍රභානිගෙ වැඩෙත් එහෙම වැඩක්. අවුරුදු 23 ක් වෙද්දි චිත්‍රයේ භාෂාවට දියුණු තැනකින් ඇතුල් වෙමින් ඇය ගමන් කරන බව පෙන්වමින් ඉන්නවා. ගොඩක්ම සජීවීව ආදර්ශ රූපයක් එක්ක ගනුදෙනු කරන ප්‍රභානි පිටින් වගේම ඇතුළතින් ඔවුන්ගෙ හැඟිම් අල්ලමින් කරන මේ වැඩේ ආලේඛ්‍ය කලාවේ අපට බලාපොරොත්තු තබාගන්න පුලුවන් තැනක්. කාලරේඛීයව ගමන් කරද්දි මේ විෂයෙදි අපට මුණගැහෙන සිත්තර සිත්තරියන් අතරට මේ පුන්චි කෙල්ල ලොකු බරතැබීමක් කරන බවයි මගේ විශ්වාසය. සංකල්පීයව සහ තාක්ෂණිකව තමන්ගෙ වැඩේ විසඳගන්න art language එක හොයාගෙන යන ප්‍රභානි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට තේරී පත්වුවත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම ඇයගේ විශ්වාසය පිළිබඳ පරීක්ෂාවක්. ඇය උසස් පෙළට චිත්‍ර විෂය සඳහා මා ලඟට එද්දිත් ඇය තුළ මේ වැඩේදි ගොඩක් දේවල් තිබුනා. මේ විභවයේ කතෘත්වය ප්‍රභානිගේමයි. මේ මොහොතේ ප්‍රභානි මේ නෙලාගන්නෙ ඇය විසින් වැපිරූ අස්වැන්නයි. මට අනුව මේ අස්වැන්න සාරයි. අපි එයාට සරු පසක් හදල දෙමු. ප්‍රභානි අපව පහු කරන හැටි බලා සතුටු වෙමු.
2023.03.24 දින සිට 26 දක්වා කොළඹ හැරල්ඩ් පීරිස් කලාගාරයට එන්න.

ප්‍රගීත් රත්නායක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...