ඡන්දය තියෙනවද? : දේශපාලන පක්ෂ සමග අද දීර්ඝ සාකච්ඡාවක් තියෙනවා – මැකොස

Share post:

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිත ය.

ලබන 09දා පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ, රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ විසිනි.

ඊයේ (13) මුද්‍රණාලයාධිපති විසින් මේ බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත. ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් එය අත්හිටුවා ඇත.

අද (14) පැවැත්වෙන සාකච්ඡාවේ දී මේ ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.

මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 461කට ආසන්න මුදලක් රජයේ මුද්‍රණාලය වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදිය යුතු වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...