නිදහස් දින කොළඹ – යාපනය – මඩකලපුව : හර්තාල් සමග ජනතාව පාරට බසී !

441
ඡායාරූප : Kumanan Kana / www.battinews.com / inter university students federation

නිදහස් දිනය යෙදී තිබුණු ඊයේ (04) කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් උත්සවය පැවැත්වෙන අතරතුර, කොළඹ, යාපනය සහ මඩකලපුව ප්‍රදේශවල දැවැන්ත විරෝධතා කිහිපයක් පැවැත්විණි.

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ සිවිල් සංවිධාන විසින් යාපනය නගරය පුරා හර්තාල් ක්‍රියාත්මක කරන ලෙස එහි වෙළෙඳ ප්‍රජාවගෙන් කළ ඉල්ලීමට ද ඔවුන් ප්‍රතිචාර දක්වා තිබිණි. යාපනයේ වෙළෙඳසැල් රැසක් ඊයේ වසා තිබුණු අතර, දහවල් පැවති විරෝධතා රැළියට ද විශාල පරිසක් එක්ව සිටියහ.

මඩකලපුවේ විරෝධතා පැවැත්වුණේ දෙමළ ජාතික සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මූලිකත්වයෙනි. මෙම විරෝධතා සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් සහ ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

මෙම විරෝධතාවලදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම, අසාධාරණ ලෙස සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආරක්ෂක අංශ විසින් පවරාගෙන ඇති ජනතාවගේ ඉඩම් මුදාහැරීම, ආණ්ඩුවේ මර්දනය වහාම නතර කිරීම, ජනතාවගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම ඇතුළු සටන් පාඨ රැසක් අඩංගු විය.

කොළඹදී ද ඊයේ විරෝධතා කිහිපයක් පැවති අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සංවිධාන කිහිපයක් එම විරෝධතා සංවිධානය කර තිබිණි.

මඩකලපුව විරෝධතා
මඩකලපුව විරෝධතාවලට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
යාපනයේ විරෝධතා
යාපනයේ විරෝධතාකරුවන් එන තුරු සිටි පොලිසිය
යාපනයේ හර්තාල් : ඡායාරූපය – www.newscutter.lk
කොළඹදී පැවති විරෝධතාවක්
යාපනයේ විරෝධතා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව