14 – 20 සතිය ඉන්දියාවට සහ චීනයට නතු වෙයි : ණය ගැන සාකච්ඡාවලට රාජ්‍ය තාන්ත්‍රිකයෝ පෝලිමේ එති !

Share post:

ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට චීනයේ සහ ඉන්දියාවේ ඉහළ ම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් මේ සතියේ ලංකාවට පැමිණීමට නියමිත ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති චෙන් ෂූ (Chen Zhou) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් අද (14) සිට 18 දක්වා මෙඅරට සංචාරයක නිරත වේ. ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශංකර් (S. Jaishankar) ඇතුළු පිරිසක් ද ලබන 19 – 20 දින දෙකේදී මෙරටට පැමිණීමට නියමිත ය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්ව සමග මේ දෙරට නියෝජිතයෝ සාකච්ඡා පවත්වන බවත්, එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන සම්බන්ධයෙන් මෙන්ම දෙරටින් ලබාගෙන තිබෙන ණය ගෙවීමේ සහන පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකෙරෙනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙසේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් මෙරටට පැමිණෙන්නේ මුල් වරට ය.   

පසුගිය දෙසැම්බර් 08දා එරට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශංකර් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක ඊට සහයෝගය දැක්වීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවත්, මේ මොහොතේ එසේ සිදුනොකළේ නම් රජය සිය වගකීම පැහැර හැරියා සේ වන බවත් ය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට යම් අසාධාරණයක් සිදුවනවා නම් ඊට මැදිහත් වන බවද, නමුත් අර්බුදකාරී අවස්ථාවේදී ජන වර්ගයක් පදනම් නොකරගෙන සමස්ත ජනතාවට රජය සිය සහයෝගය ලබාදීමට කටයුතු කිරීම ඉතා අගයකරන බව ද ඔහු එහිදී පෙන්වා දී තිබිණි.

මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු එරට ඉහළ පෙළේ දූත පිරිසක් විදේශ රටක සංචාරය කරන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

පසුගිය 12දා බීබීසී ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) පවසා තිබුණේ මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා චීනය කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු බවයි. අර්බුදය ඔඩුදුවන තුරු සිටීම චීනයේ වගකීම නොවන බව ද තානාපතිවරිය සඳහන් කර තිබිණි.

Related articles

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...