14 – 20 සතිය ඉන්දියාවට සහ චීනයට නතු වෙයි : ණය ගැන සාකච්ඡාවලට රාජ්‍ය තාන්ත්‍රිකයෝ පෝලිමේ එති !

Share post:

ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට චීනයේ සහ ඉන්දියාවේ ඉහළ ම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් මේ සතියේ ලංකාවට පැමිණීමට නියමිත ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති චෙන් ෂූ (Chen Zhou) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් අද (14) සිට 18 දක්වා මෙඅරට සංචාරයක නිරත වේ. ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශංකර් (S. Jaishankar) ඇතුළු පිරිසක් ද ලබන 19 – 20 දින දෙකේදී මෙරටට පැමිණීමට නියමිත ය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්ව සමග මේ දෙරට නියෝජිතයෝ සාකච්ඡා පවත්වන බවත්, එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන සම්බන්ධයෙන් මෙන්ම දෙරටින් ලබාගෙන තිබෙන ණය ගෙවීමේ සහන පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකෙරෙනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙසේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් මෙරටට පැමිණෙන්නේ මුල් වරට ය.   

පසුගිය දෙසැම්බර් 08දා එරට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශංකර් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක ඊට සහයෝගය දැක්වීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවත්, මේ මොහොතේ එසේ සිදුනොකළේ නම් රජය සිය වගකීම පැහැර හැරියා සේ වන බවත් ය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට යම් අසාධාරණයක් සිදුවනවා නම් ඊට මැදිහත් වන බවද, නමුත් අර්බුදකාරී අවස්ථාවේදී ජන වර්ගයක් පදනම් නොකරගෙන සමස්ත ජනතාවට රජය සිය සහයෝගය ලබාදීමට කටයුතු කිරීම ඉතා අගයකරන බව ද ඔහු එහිදී පෙන්වා දී තිබිණි.

මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු එරට ඉහළ පෙළේ දූත පිරිසක් විදේශ රටක සංචාරය කරන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

පසුගිය 12දා බීබීසී ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) පවසා තිබුණේ මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා චීනය කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු බවයි. අර්බුදය ඔඩුදුවන තුරු සිටීම චීනයේ වගකීම නොවන බව ද තානාපතිවරිය සඳහන් කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...