තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද පිටියට

Share post:

ඉන්දියා – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය අද (07) රාත්‍රී 7 ට රාජ්කොට්හි සෞරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අතිශය තීරණාත්මක තරගයක් වන මෙම තරගය යම් හෙයකින් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිවුවහොත් එය ඉන්දියාවේදීම ඔවුන්ට එරෙහිව ලබන පළමු තරගාවලි ජයග්‍රහණය වනු ඇත.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය අතිශය තියුණු තරගයකින් අනතුරුව ලකුණු දෙකකින් ය ගැනීමට ඉන්දියාව සමත්විය.

එහි දෙවැනි තරගය පූනේහිදී පැවැති අතර එය ලකුණු 16 කින් ජයගනිමින් තරගාවලිය 1- 1 ලෙස සම කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

මේ වනවිට ශ්‍රී ලංකා පිල ඉන්දියාවේදී විස්සයි20 තරගාවලි 5ක් ක්‍රීඩා කර ඇති අතර, මේ වන තෙක් එක් විස්සයි20 තරගාවලියක් හෝ ජය ගෙන නොමැත.

එහෙත් වසර 2009 දී පැවැති තරග 2කින් සමත්විත තරගාවලියක් ශ්‍රී ලංකාව 1- 1 ලෙස සමකොට ඇති අතර 2016 දී පෙරේදා තරගය පැවැති පූනේ පිටියේදිම එක් තරගයක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

කෙසේ වෙතත් ඉන්දියාව ද තම අපරාජිත බව රැක ගැනීමට අද හැකි සෑම උත්සාහයක්ම දරනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙයි.

නිමා වූ තරග දෙකම භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා අසාර්ථක වු අතර ඔවුන් දෙදෙනා එලෙස අසාර්ථක වෙද්දී අවිශ්ක ප්‍රනාන්දු සහ සධීර සමරවික්‍රම බංකුවේ තැබීම ක්‍රිකට් විචාරකයන්ගේ කතා බහට ලක්ව ඇත.

සදීර පසුගියදා නිමාවූ LPL තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස සම්මානයට ප්‍රාප්ත විය.

කෙසේවෙතත් අද තරගයට භානුක වෙනුවට LPL තරගාවලියේ වැඩිම ලකුණුලාභියා මෙන් ම අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගන්නේ Jaffna Kings කණ්ඩායම නියෝජනය කළ 24 හැවිරිදි යොවුන් දකුණත් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු එක්වීමට නියමිත ඇති බව වාර්තාවේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...