අප කමා කළ දේ වෙනුවෙන අපේ දරුවන් අප හට සමා නොදෙනු ඇත

Share post:

වරදකිය මුසා බස් පැවසීම යොවුනන්ට
වරදකිය එලෙසින්ම
බොරුව නිබොරු බැව් පැවසීම
දෙවියන් ස්වර්ගයේ වැඩ වසන්නේ යයිද
ලොව කිසිදු ගැහැටකින් තොර යයිද පැවසීම
වරදකිය එලෙසින්ම

දනිති උහු නුඹ කියන දේ අරුත
පවසනුය උනට
නිමක් නැති බවම දුක් ගැහැට
ඉඩ දෙනුය උනට දැක ගන්ට
හෙට දවස ගැන මෙන්ම
අද දවසේ තතුද පැහැදිලිව

පවසනුය උනට
නොවලහා ජයගත යුතුව ඇති බැව්
හමුවන සියළු බාධක
පවසනුය උනට
දුක් ගැහැට උදාවන බවද
දුෂ්කරතාවන් පැන නගිනා බවද
වගකට නොගත යුතු බව ඒ සැම

සතුටෙහි මිල නොදන්නා
නොසිටිනු ඇත්තේය කිසිදා සතුටින
දුටු තැන කවර වරදක් වුව
නොදිය යුතු සමාව නම් ඒ වරදට

පෙනෙනු ඇත නුඹටම
යළි යළි සිදුවන බැව් ඒ වරද
නොනැවතී සිය දහස් වර

ඉදින් ඉන්පසුව නම්
නොදෙනු ඇත කිසි ලෙසකින් හෝ
අපේ දරුවන් අප හට සමා
අප කමා කළ දේ වෙනුවෙන
(1952)

යෙව්ගෙනි යෙවුටුශෙන්කෝ (1933-2017)

චුලානන්ද සමරනායක (fb පිටුවෙන්)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...