අස්වැසුම සමග හදිසි සහනාධාරයට රුපියල් බිලියන 12ක් !

21
(සකස් කරන ලද ඡායාරූපයකි.)

අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,017,130කට නොවැම්බර් මස අස්වැසුම දීමනාව සමඟ හදිසි සහනාධාරය ද හිමිවන අතර, ඒ  වෙනුවෙන්  රුපියල් රුපියල් දොළොස් බිලියන එකසිය හතළිස් දෙමිලියන පනස්පන්දහස් දෙසිය පනහක් (12,142,055,250.00ක්) ඉකුත් 27 වැනිදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කළ බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/කොමසාරිස් නිමල් කොටවලගෙදර පැවැසීය. හදිසි සහනාධාරය ගෙවීම සඳහා පමණක් රජය මෙවර රුපියල් දෙබිලියන හාරසිය පහළොස් මිලියන හයසිය විසිනව දහසක (2,415,629,000.00)  අතිරේක මුදලක් වැය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.  

ඒ අනුව අස්වැසුම් ප්‍රතිලාභ ලබන අන්ත දුප්පත් කාණ්ඩයට අයත් පවුල් 381,369කට සහ  දුප්පත් කාණ්ඩයට අයත් පවුල් 635,761කට ඉකුත් 27 වැනිදා සිට සිය

අස්වැසුම බැංකු ගිණුම් මඟින් එම මුදල ලබාගත හැකිය.

මැදපෙරදිග කලාපයේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමෙන් මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයට සිදුවූ බලපෑම අවම කිරීමට හදිසි සහනාධාරයක් ලබා දීමට 2026.09.08 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් රජය තීරණය කළේය. ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයේ මාසික අස්වැසුම දීමනාව වූ රු.17,500 ට අතරව රු.3,000 ක අතිරේක දීමනාවක් ද දුප්පත් කාණ්ඩයේ මාසික අස්වැසුම දීමනාව වන රු. 10,000 ට අමතරව රු 2,000 ක අතිරේක දීමනාවක් ද මෙම මස ගෙවීමට කටයුතු කරනු ලැබිණි. මෙම හදිසි සහනාධාරය ලබා දෙන්නේ 2026 නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා පමණක් බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරයි.