99 වැනි ඇකඩමි සම්මාන උළෙල 2027 – ( 99th Academy Awards – 2027 ) මාර්තු මස 12 වැනිදින කැලිෆෝර්නියාව Dolby Theatre හිදී මහත් උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට අවැසි සියලුම කටයුතු මේ දිනවල ලදී ලහියේ සිදුවෙමින් පවතන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. ඊට සාපේක්ෂව ජාත්‍යන්තරව මාධ්‍ය ද තම උකුසු ඇස් එදෙස නිරන්තරයෙන්ම යොමාගෙන හිඳින අතර ඒ ඒ අංශ අරබයා විවිධ පුරෝකථන හා නානාවිධ විචාර ලිපි-රචනා වෙමින් තිබේ.
ඉහත සදහන් කළ ආකාරයට ජාත්‍යන්තර මාධ්‍යයේ ආකර්ෂණයට හා විශේෂ අවධානයට ඇකඩමි සම්මාන උළෙල පාත්‍ර වී ඇත්තේ එය ලොව බලවත්ම හා ආකර්ෂණය සිනමා ධාරාව වන හොලිවුඩ් සිනමාව ( Hollywood Cinama ) හා එහි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් හුදෙක්ම ක්‍රියාත්මක වන බැවිනි. තවත් අතකින් වසරේ වැඩිම ජාත්‍යන්තර මාධ්‍ය අවධානය හිමිවන සිනමා තරු රාත්‍රිය ද ඇකඩමි සම්මාන උළෙල වන්නේ ය.
99 වැනි ඇකඩමි සම්මාන උළෙල මෙරට ශ්‍රීලාංකේය සිනමාව යන කාරණාව අතින් ද අපට සුවිශේෂී වන්නේ ය. එනම් ඒ ශ්‍රීලාංකේය සිනමාව නියෝජනය කරමින් රිවස්ටන් – 2026 චිත්‍රපටය එහි විදෙස් භාෂාමය හොදම චිත්‍රපටය ( Best Foreign Language Film ) වෙනුවෙන් තරග කිරීම යි. ඒ පිළිබඳව මම කිසිවක් නොදනිමි. ඒ පිළිබඳව අන්තර්ජාලය පරීක්ෂා කොට තොරුතුරක් ද සොයා ගැනීමට නොහැක.
එළැඹෙන ( 2026 ) නොවැම්බර් මස 21 වැනිදින විදෙස් භාෂාමය හොදම චිත්‍රපටය සදහා වූ නිර්දේශිත විදෙස් චිත්‍රපට තිහ ( 30 ) ඇතුළත් දිගු-ලැයිස්තුව ( Longlist ) සකස් කරනු ඇත. එහෙත් එය මාධ්‍යයට ඉදිරිපත් කරනු නොලැබේ. විදෙස් භාෂාමය හොදම චිත්‍රපටය සදහා වූ නිර්දේශිත චිත්‍රපට පහළොව ඇතුළත් කෙටි-ලැයිස්තුව ( Shortlist ) 2026 දෙසැම්බර් මස 15 වැනිදින ප්‍රකාශයට පත්කරනු ඇත. එදාට අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව කතාබහ කරමු.
මගේ පෞද්ගලික කියවීමට අනුව මෙවර එනම්, 99 වැනි ඇකඩමි සම්මාන උළෙලේ විදෙස් භාෂාමය හොදම චිත්‍රපටය සදහා
තුන්කොන් සටනක් නිර්මාණය වී ඇතිබව පෙනේ. එනම් ඒ 79 වැනි කාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ ( 79th Cannes International Film Festival – 2026 ) දී Palmer dor ත්‍යාගය හිමිකරගත් Fjord – 2026 ( Directed by Cristian Mungiu ) යන රුමෙනියානු ( 🇷🇴 ) චිත්‍රපටය – එහි Grend Pix ත්‍යාගය දිනාගත් Minotaur – 2026 ( Directed by Andrey Zvyagintser ) යන රුසියානු ( 🇷🇺 ) චිත්‍රපටය එසේම එහි Best Director ත්‍යාගය හිමිකරගත් Fatherland ( Directed by Pawel Pawlikowski ) – 2026 පෝලන්ත ( 🇵🇱 ) චිත්‍රපටය යනාදිය අතර ය. මම මගේ පෞද්ගලික පුරෝකථනය Hollywood Reporter ඇතුළුව වෙබ් අඩවිය කීපයක්ම තබා තිබේ.

International Romanian Film Maker
තවත් ආකාරයකට මෙය ජාත්‍යන්තර ජේෂ්ඨ අධ්‍යක්ෂකවරයකු හා තරුණ අධ්‍යක්ෂකවරයකු දෙදෙනකු අතර වූ තුන්කොන් සටනක් බවට පරිවර්තනය වී ඇත්තේ ය.
[ ජාත්‍යන්තර පුරෝකථනවලට මෙම චිත්‍රපටය ත්‍රිත්වයම 85 /: අධිකක ප්‍රතිශතයක් හිමිකරගැනීමට සමත්ව ඇත්තේ ය. ]
Farthland කලු / සුදු චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ලොව දැනට සිටින ජේෂ්ඨතම හා විශිෂ්ටතම සම්මානනීය පෝලන්ත ජාතික තිර – රචකයකු හා අධ්‍යක්ෂකවරයකු වන පාවෙල් පවුලොව්ස්කි විසිනි. හොලිවුඩයේ ජේෂ්ඨතම අධ්‍යක්ෂකවරුන් වන ස්ටීවන් ස්පිල්බර්ග් ( Steven Spielberg ) – ජේම්ස් කැමරන් ( James Cameron ) යනාදීහු ද මොහුගේ ඉහළම රසිකයෝ ය. මොහුගේ අලුත් චිත්‍රපටයක් තිරගත වෙත්ද එය නැරඹීමට ලොව ජේෂ්ඨතම හා තරුණ චිත්‍රපටය අධ්‍යක්ෂකවරුන් පුලපුලා බලා සිටින්නේ ය. ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරය හා විචාරකාගාරය ඊට දෙවැනි නැත. මාද ඉන් කෙනෙක් වන අතර මා ආසාව කරන ජාත්‍යන්තර චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, පාවෙල් පවුලොව්ස්කි. මොහුගේ නවතම Fatherland චිත්‍රපටය නැරඹීමට මම නොනිමි ආශාවෙන් පසුවෙමි.
පාවෙල් පවුලොව්ස්කි දිනාගෙන ඇති ජාත්‍යන්තර සීනමා සම්මානවලින් කීපයක් මෙසේ දක්වමි.

International Russian Film Maker
2010s with “Ida” (2013), which won the Academy Award for Best International Feature Film representing Poland.
For “Cold War” (2018), he won the Best Director prize at the Cannes and was nominated for the Academy Award for Best Director.
He won Best Director prize at Cannes for “Fatherland” (2026).
පාවෙල් පවුලොව්ස්කි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ශුද්‍ර චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු” ( Micro-film director )
වන අතර මොහුගේ සිනමා ශෛලිය ද ඔහුටම ආවේණික වූවකි. මොහුගේ බහුතර හා ජාත්‍යන්තර සම්මානයට එදාමෙදාතුර පාත්‍ර වූ චිත්‍රපට සියල්ල පාහේ කලු / සුදු ය. උදා : 2013 දී විදෙස් භාෂාමය හොදම චිත්‍රපටය සදහා වූ සම්මානය හිමිකරගත් Ida චිත්‍රපටය ද – 2018 දී ඇකඩමි සම්මාන උළෙලේ දී වසරේ හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය හිමිකර ගත් Cold War චිත්‍රපටය ද එසේම 79 වැනි කාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී වසරේ හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය දිනාගත් Fatherland චිත්‍රපටය ද කලු / සුදු චිත්‍රපට වන්නේ ය.

International Poleh Filmmake
පාවෙල් පවුලොව්ස්කිගේ සිනමාව කලු / සුදු වර්ණදෙක අතර දෝලනය වන්නේ ය. මොහු තමාට ආවේණික සිනමා ශෛලියෙන් කලු / සුදු රූපරාමු භාවිතා කොට මිනිස් ජීවිතයේ ගැඹුරු ස්භාවයන් හා එහිලා බලපවත්වන ඉතා සංකීර්ණ මනෝභාවයන් විචිත්‍රණය කිරීමට නිරන්තරයෙන්ම උත්සුක වන්නේ ය. ඊට නවතම උදාහරණය වනුයේ Fatherland චිත්‍රපටය යි. තවත් ආකාරයකට විග්රහ කරත්ද කලු / සුදු වර්ණයෙන් සිනමා කාව්‍ය රචනා කරන වර්තමාන පෝලන්ත ජාතික මහා සිනමා කවියා වන්නේ පාවෙල් පවුලොව්ස්කි ය.
ඇකඩමි ජූරිය පාවෙල් පවුලොව්ස්කිගේ සිනමාව දෙස විශේෂ අවධානයක් හා ගෞරවයක් නිරන්තරයෙන්ම ලබාදෙනු
ඇති . ඒ පිළිබඳව මට නම් කිසිදු සැකයක් නොමැත.
අපේ රිවස්ටන් චිත්‍රපටයට තරග කිරීමට සිදුව ඇත්තේ මෙවන් ජාත්‍යන්තර සම්මානනීය සිනමාකරුවන් හා ඔවුන්ගේ ජාත්‍යන්තර සම්මානනීය චිත්‍රපට රාශියක් සමගින් බව අප කිසිවිටෙක අමතක කළ යුතු නැත.
එසේ වී නම් Fjord / Minotaur / Farthland යන සම්මානනීය චිත්‍රපට ත්‍රිත්වයෙන් කුමන හෝ චිත්‍රපටයක් 99 වැනි ඇකඩමි සම්මාන උළෙලේ විදෙස් භාෂාමය හොදම චිත්‍රපටය සදහා වූ සම්මානය දිනාගැනීමට
සමත්වීම මෙලොව කිසිදු ජගතෙකුට නවතාලිය නොහැක. ( සහෘද .. ඔබ මෙම
පුරෝකථනය හොදින් මතකයේ ධාරණය කරගන්න. ).
