ඊශ්‍රායලයේ දේශපාලනය අලුත් හැරවුමක

13

ඔක්තෝබර් 27 වනදා පැවති මහ මැතිවරණයෙන් පසු ඊශ්‍රායලය දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී තිබෙනවා. කිසිම පාර්ශවයකට ආණ්ඩුවක් හදන්න අවශ්‍ය 61 ආසන බහුතරය ලැබී නැහැ.

අවසන් ප්‍රතිඵල අනුව අගමැති Benjamin Netanyahu ගේ දක්ෂිණාංශික bloc එකට ආසන 53යි. Likud පක්ෂයට තනිව 27යි. හිටපු හමුදා ප්‍රධානී Gadi Eisenkot නායකත්වය දෙන Yashar පක්ෂය ඇතුළු විපක්ෂ bloc එකට ආසන 48යි. Yashar පක්ෂයට තනිව ආසන 21යි. ඉතිහාසයේ පළමු වතාවට අරාබි පක්ෂ දෙක එකතුව ආසන 19ක් දිනාගෙන තිබෙනවා. Joint List එකට 11යි, Raam පක්ෂයට 8යි.
මේ නිසා ඊළඟ අගමැති කවුද කියන එක තීරණය වෙන්නේ අරාබි පක්ෂ වල සහයෝගයෙන්.

ජනාධිපති Isaac Herzog නොවැම්බර් 1 වනදා ප්‍රකාශ කළා දේශපාලන නායකයින් ප්‍රතිඵල පිළිගෙන නම්‍යශීලී විය යුතුයි කියලා. නැත්නම් රට නැවත මැතිවරණයකට යනවා කියලා අනතුරු අඟවලා තියෙනවා. නිල සාකච්ඡා නොවැම්බර් 5 බදාදා ජනාධිපති මන්දිරයේදී පටන් ගන්නවා. මැතිවරණ කොමිසමේ නිල ප්‍රතිඵල එදාට Herzog ට ලැබෙනවා.

Eisenkot ට මුලින්ම ආණ්ඩු හදන්න mandate එක ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. Joint List සහ Raam පක්ෂ දෙකම Herzog ට Eisenkot ව අගමැති ලෙස නිර්දේශ කිරීමට නියමිතයි. එතකොට Eisenkot ට ආසන 48 + 19 = 67 ක සහයක් ලැබෙනවා. නීතිය අනුව ආණ්ඩුවක් හදන්න දවස් 28ක් ලැබෙනවා, අවශ්‍ය නම් තවත් දවස් 14ක් දීර්ඝ කරන්න පුළුවන්.

Eisenkot සෙනසුරාදා තමන්ගේ කොන්දේසි 4 ප්‍රකාශ කළා. ඔහු කියනවා මේ කොන්දේසි 4 පිළිගන්න ඕනෑම මන්ත්‍රීවරයෙකුට තමන් හදන ආණ්ඩුවට එකතු විය හැකියි කියලා.
ඒ කොන්දේසි 4 මෙසේයි

  1. ඊශ්‍රායලය යුදෙව්, ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල් සහ සමානාත්මතා රාජ්‍යයක් ලෙස පිළිගැනීම
  2. නිදහස් ප්‍රකාශනයේ වටිනාකම් වලට කැපවීම
  3. සියලුම ඊශ්‍රායල් පුරවැසියන්ට අනිවාර්ය හමුදා, ජාතික හෝ සිවිල් සේවය
  4. Hamas සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගෙන Gaza වල එහි හමුදා සහ පාලන බලය විනාශ කළ යුතු බව පිළිගැනීම
    Eisenkot ගේ අරමුණ පුළුල් Zionist, statesmanlike ආණ්ඩුවක් හදන එක. ඔහු කියනවා ඊශ්‍රායලයේ ඊළඟ ආණ්ඩුව තීරණය කළ යුත්තේ ඊශ්‍රායල් පුරවැසියන් පමණක් බවත්, පිටත මැදිහත්වීම් නැතුව බවත්.

නමුත් ලොකු බාධාවක් තියෙනවා. Yisrael Beytenu පක්ෂයේ Avigdor Liberman අරාබි පක්ෂ සහයෝගයෙන් ආණ්ඩුවක් හදන එකට විරුද්ධයි. ඔහුගේ පක්ෂයට ආසන 7ක් තියෙනවා. Liberman නැතුව Eisenkot ට බහුතරය හදාගන්න අමාරුයි.

අනෙක් පැත්තෙන් Netanyahu ගේ සමීපතමයින් උත්සාහ කරනවා Eisenkot එක්ක ජාතික සමගි ආණ්ඩුවක් හදන්න. එහිදී හරේදි පක්ෂ නැතුව මුලින්ම හමුදා බැඳියා නීතිය සම්මත කරලා පසුව ඔවුන් එකතු කරගන්න සැලැස්මක් තියෙනවා. නමුත් Eisenkot මේ දක්වා Netanyahu යටතේ සේවය කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

Knesset එක නොවැම්බර් 10 වනදා දිවුරුම් දීමට නියමිතයි. ඊට පෙර ආණ්ඩුවක් හැදුනත් නැතත් Knesset එකේ කථානායක වෙනස් කිරීම වැනි නීතිමය උපක්‍රම වලින් Eisenkot bloc එකට පාර්ලිමේන්තුවේ පාලනය ගැනීමට උත්සාහ කළ හැකියි.
Democrats පක්ෂ නායක Yair Golan කියනවා ආණ්ඩුවක් හදන සම්භාවිතාව ඉතා ඉහළයි, අපි දැඩි අධිෂ්ඨානයෙන් ඉන්නවා කියලා.
මේ මොහොතේ ඊශ්‍රායලයේ ප්‍රධාන විකල්ප 3යි. Eisenkot ගේ සුළුතර ආණ්ඩුවක් අරාබි සහයෝගයෙන්, Netanyahu සහ Eisenkot ගේ ජාතික සමගි ආණ්ඩුවක්, නැත්නම් තවත් මැතිවරණයක්.

Pradeep Peiris