අන්තගාමී පාලනයක් යටතේ වුවත් නවත්වන්නේ නැති බචා බාසි සම්ප්‍රදාය

11

ඇෆ්ඝන් කාන්තාවන් වගේම පිරිමි පක්ශයත් රූපයෙන් බොහොම සුන්දරයි. ඒ අයගෙ ඇස් කොලපාට .. නිල්පාට .. හේසල් පාට වගේ විවිධ පාට ගන්නවා. ග්‍රීකයන්.. පරිසියානුවන්.. ඇනටෝලියා ජාතිකයන් ආදී ජාතීන් හා මිශ්‍රවීමෙන් මේ අය බොහොම ආකර්ශණීය පිරිසක් බව අපි දන්නවා.

සංගීතය බොහොම ලස්සනයි. නර්ථනයට කියාපු රිද්මයක්. පිරිසිඳු බිම බුමුතුරුණු අතුරලා.. සුවඳ දුම් හෙමින් සැරේ උඩට නැගෙනවා. වටේට ඉඳගෙන ප්‍රේක්ශයන්ගේ මුහුණු සතුටින් හිනාවෙන් පිරිලා. නර්තණය බොහොම ආකර්ශණීයයි. කවුද අකමැති මේ වගේ හවසකට.
ඇෆ්ඝනිස්තානයේ ගමක සාමාන්‍ය හැන්දෑවක්.

නමුත් ඇෆ්ඝනිස්තානයේ සාද තහණම්.. කාන්තාවට තනිවම ගෙයින් පිටට යන්න බැහැ. සංගීතය හෝ නර්තනය මරණ දඬුවම ලැබිය හැකි වරදක්.
ඒ හැමදෙයක්ම හරි. ඉහත කතා කරපු සාදයේ එකම කාන්තාවක්වත් නැහැ. ප්‍රේක්ශකයන් වැඩිහිටි පුරුෂයන්. ඒ විතරක් නෙවෙයි… ඔවුන් ධනවත් හා බලවත්.
ඒත් නර්තනය හා සංගීතය තරුණියන්ට තහණම්.
ඇත්ත.. මෙතැම නර්තනයේ යෙදෙන්නෙ පිරිමි දරුවන්.
සැරින් සැරේ ශාලාවේ මැදට ඇවිත් නර්තනයේ යෙදෙන්නෙ වයස අවුරුදු 6- 17 අතර රූමත් පිරිමි දරුවන් පමණයි.

මේ දරුවන්ට අයිතිකාරයෙක් හෙවත් ඒජන්තවරයෙක් ඉන්නවා. ප්‍රේක්ශකයන් වූ වැඩිහිටි පිරිමින් මෙතැනට පැමිණෙන්නෙ නැටුම් බලන්න විතරක් නෙවෙයි. ඔවුන්ට පුලුවන් කුඩා පිරිමි දරුවෙක් හෝ කීප දෙනෙක් මිළදී ගන්න. මේ පිරිමි දරුවා තමන්ගෙ සේවකයා.. සහායකයා හෝ ප්‍රේමවන්තයා විදිහට පාවිච්චි කරන්න මිළදී ගත් හාම්පුතාට පුලුවන්. බොහොමයක් දරුවන් ලිංගික වහළුන් බවට පත්වෙනවා. දරුවාගේ වයස අවුරුදු 18වන තෙක් ඔහුගේ අයිතිය ලැබෙන්නෙ මිළදී ගත් හාම්පුතාට. ඊට අමතරව එක රැයකට හෝ දවස් කිහිපයකට වුනත් පිරිමි දරුවෙකු මිළදී ගැනීමේ හැකියාව තියෙනවා.
මෙවැනි තැන්වල අලෙවි කරන පිරිමි දරුවන් බොහොම රූමත්. ඉතාම දුප්පත් පවුල්වලින් මේ දරුවන් මිළදී ගන්නෙ තැරැව්කරුවන් හෝ ඒජන්තවරුන් විසින්. මුලින්ම මේ අයට නර්තනය පුරුදු කරනවා.

ගණුදෙනු කරුවන් එක්ක කතා කරන හැටි.. හාම්පුතුන්ට සලකන හැටි.. කතා කරන ආකාරය පුහුණු කරනවා. සති කිහිපයකට පස්සෙ මේ පිරිමි ලමුන් සැඳෑ වරුවේ සාදවලදී අලෙවි කරනවා.

මේ සම්ප්‍රදාය හැඳින්වෙන්නේ බචා බාසි (Bacha bazi) විදිහට. මෙහි අදහස පිරිමි දරුවන්ගේ සෙල්ලම.. එහෙමත් නැත්තං Boys Play. මේ ක්‍රමය බටහිරින් ලැබුනු විකාර විලාසිතාවක්.. ධනවාදයේ තවත් මුහුණක්.. කෙනෙක්ට කියන්න පුලුවන්. නැහැ. බචා බාසි ඇෆ්ඝනිස්තානයේ සම්ප්‍රදායක් වන්නේ වසර 1200 පමන කාලයේ සිටයි. නමුත් 80 දශකය පමණ වනතෙක් මේ ගැන කිසිව්වෙකු ප්‍රසිද්ධියේ කතා කරන්නෙ නැහැ.

ආගමිකයැයි කියන තලෙයිබාන් වැනි අන්තගාමී පාලනයක් යටතේ වුවත් බච්චා බාසී සම්ප්‍රදාය නවත්වන්නේ නැහැ. මෙහිදී පිරිමි දරුවන් මිළදී ගන්න පාරිභෝගිකයන් අතර තලෙයිබාන් පාලකයන්ද සිටින බව කීම අතිශෝක්තියක් නොවෙයි. ඒ වගේම 1996 – 2001 අතර කාලයේ මේ සම්ප්‍රදාය තහණම් බව සඳහන් වූවත් එය තහණම ක්‍රියාත්මක වූ බවක් දකින්න නැහැ. ඇමරිකානු පාලන කාලය තුල පවා මේ සඳහා සීමා පැනවෙන්නෙ නැත්තේ මීට සම්භන්ධවන පිරිමි පක්ශය ඉතා බලවත් හා ධනවත් කොටසට අයිති නිසා විය යුතුයි.

විශේෂයෙන්ම උතුරු ඇෆ්ඝනිස්තානයේ බොහොමයක් ගම්වල මේ අශ්ලීල සම්ප්‍රදාය දකින්න පුලුවන්. උතුරු පාකිස්තානයේ පවා බචා බාසි සම්ප්‍රදාය ගැන අහන්න ලැබෙනවා.

දරුවන් මිළදී ගන්නා වැඩිහිරි පිරිමින් වැඩිදෙනෙක් විවාහකයි. ඔවුන්ට බිරින්දෑවරුන් කීප දෙනෙක්ට අමතරව ප්‍රේමවන්තයෙකුත් තබාගැනීමට බාධාවක් නැහැ. කාන්තාවන්ට තම අදහස් පලකිරීමට අයිතියක් නැති කමිනුත් අධික දුප්පත්කම නිසාත් තම පිරිමි දරුවන් අලෙවි කිරීමට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව මේ දරුවන්ගෙන් තමන්ගෙ පවුලට අමතර ආදායමක් ලැබෙනවා.

අපි දන්නවා ඇෆ්ඝනිස්තානය වැනි රටවලත්.. යම් යම් අරාබි පාලන තන්ත්‍රයන් තුලත් පුරුෂයාට රැවුල වැවීම අනිවාර්‍ය බව. ඊට හේතුවන්නේ රූමත් පිරිමියෙකු කාන්තාවක් ලෙස වටහාගෙන තවත් පුරුෂයෙකුට ලිංගික හැඟීම් ඇතිවිය හැකි නිසා බවයි ඔවුන් කියන්නෙ. නමුත් බචා බාසි ඛාන්ඩයේ පිරිමි දරුවන්ට රැවුල වැවීමට අවසර ලැබෙන්නෙ නැහැ. වයස 18 න් පසුව පමණයි මේ පිරිමි දරුවන්ට තමන්ගෙ හාම්පුතාගෙන් වෙන්වීමට අවසර ලැබෙන්නෙ. නමුත් ඒ වනවිට පෞරුශවය බිඳ වැටුනු තරුණයා තවත් අසරණ වූ පුද්ගලයෙක් පමණයි.
අදත් දහස් ගණන් පිරිමි දරුවන් ඇෆ්ඝන් භූමියේ අඩු මුදලට අලෙවි වෙනවා.
ඉරාන හෝ පලස්තීන දරුවන්ට ලැබෙන අවධානයෙන් 1% ක් හෝ ඇෆ්ඝන් දරුවන්ට ලැබෙන්නෙ නැහැ.
ඒ සඳහා මාධ්‍ය වෙළඳපලක් නිර්මාණය වෙලා නැහැ.

මේ සමලිංගිකත්වය ලෙස වර්ගකරන්න කෙනෙක්ට පුලුවන්. සමලිංගිකත්වය කියන්නෙ වැඩිහිටි පිරිමි දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයට. නමුත් බචා බාසි වෙළඳපලේ සිදුවන්නෙ කුඩා දරුවන් අපහරණය කිරීම. මෙය ලමා හිංසනය හා අපයෝජනය මිස සමලිංගිකත්වය නොවෙයි. කුඩා දරුවන් ලිංගිකව අපයෝජනය කිරීම එක්තරා ආකාරයක ආබාධයක්. මෙය Pedophilic Disorder and Sexual Arousal විදිහටයි හැඳින්වෙන්නෙ.
ලෝක ජනගහනයෙන් 3% පමන මේ තත්වයෙන් පෙලෙනවා. ඇෆ්ගනිස්තානය වැනි රටවල මෙම ප්‍රමාණය මීට වඩා ඉහල අගයක් ගන්නවා. කුඩා දැරියන් හා විවාහවීම නීත්‍යානුකූල නිසා මේ පිලිබඳ ඇති තොරතුරු විවාදාත්මකයි.

තලෙයිබාන් පාලනයේ පවතින සීමාවන් හා නීතීන් නිසා මේ පිලිබඳව සංඛ්‍යාලේඛන සොයාගැනීමට පහසු නැහැ. නමුත් ඇෆ්ඝනිස්තානයෙන් බටහිර රවටලට පලා එන ඇෆ්ඝන් තරුණයන් මේ පිලිබඳ නිරන්තරයෙන්ම කතා කරනවා. ඒ ඇසුරින් නිපදවූ වාර්ථා චිත්‍රපට.. වේදිකා නාට්‍ය හරහා මේ ගැන අපි දැනුවත් වෙනවා.
නමුත් කල හැකි කිසිවක් නෑ.

මිනිසා කියන්නෙ නීතියෙන් සීමා කරන්නට උත්සාහ කෙරූ… ආගමෙන් බය කරන්නට තැත්කල තවත් ප්‍රාථමික අසාර්ථක සත්වයෙක් පමණයි.

Malcolm Sang