වටගලට – ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම වත්කම් විමර්ශන අරඹයි

17

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගේ සහ හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩිගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ විමර්ශනය ආරම්භ කර ඇත්තේ ඇමැතිවරුන් දෙදෙනාගේ වත්කම් සම්බන්ධයෙන් කරන ලද මූලික සොයාබැලීමකින් පසුව ය.

මීට අදාළ මූලික විමර්ශනය ආරම්භ කරන ලද්දේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු විසින් කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව කරන ලද පැමිණිල්ලකට අනුව ය. බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස මේ අනෙකුත් කැබිනට් ඇමැතිවරු වෙති. මේ පිරිස පෙර ඉදිරිපත් කළ වත්කම් වාර්තා සහ පසුව ඉදිරිපත් කළ වාර්තා අතර ඇති වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මේ විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ජාමුනි කමන්ත තුෂාර විසින් මේ පැමිණිලිල ගොනුකර තිබිණි.