විමුක්ති ජයසුන්දර විසින් අධ්යක්ෂණය කරන ලද ‘Spying Stars’ (ඔත්තු බලන තරු) චිත්රපටය, ශ්රී ලංකාව, ප්රංශය සහ ඉන්දියාව අතර ඒකාබද්ධ නිෂ්පාදනයක් ලෙස එළිදක්වන ලද්දක්. මෙය සාම්ප්රදායික සිනමා රාමුවෙන් ඔබ්බට ගිය, විද්යා ප්රබන්ධයක් (Sci-Fi) මෙන්ම සොබා දහම ජීවිතයට ලංකරගත් අත්දැකීම් මුසු කළ අපූරු කලා නිර්මාණයක් ලෙස සලකන්නට පුලුවන් .
චිත්රපටය දිග හැරෙන්නේ ආනන්දි (Indira Tiwari) නම් අභ්යවකාශයේ වසර ගණනාවක් ගත කළ ජෛව ඉංජිනේරුවරියක වටා. ඇය පියාගේ අභාවය නිසා යළි පෘථිවියට පැමිණියද, ලෝකය පුරා පැතිර යන ‘Illvibe’ නම් වෛරසයක් හේතුවෙන් ඇයට හුදකලා කලාපයක නිරෝධායනය වීමට සිදුවෙනවා.. මේ අතරතුර ඇයට පියාගේ වියෝව නිසා ඇති වන දැඩි මනෝසංවේදී වේදනාවට මුහුණ දීමට සිදු වන අතර, නිරීක්ෂණ කැමරා, අහසේ දිස්වන අභිරහස් වස්තු (UFOs) සහ තාක්ෂණික පාලනයන් හමුවේ ඇගේ සිරුර මෙන්ම මනසද අසහනකාරී උගුලකට හසුවෙනවා. චිත්රපටයේ මූලික ගැටුම වන්නේ පියාගේ අභාවය නිසා ඇති වන දැඩි ශෝකය. දියුණු තාක්ෂණයට හෝ විද්යාවට මිනිස් සිතේ ඇති වන මෙම දුක නැති කිරීමට හෝ එයට මුහුණ දීමට නිවැරදි මඟ පෙන්වීමට නොහැකි බව අධ්යක්ෂවරයා නිර්මාණාත්මකව අපට පවසනවා. එවැනි අවස්ථාවකදී සොබාදහම, විශ්වය සහ නිහඬතාව සමඟ ගැඹුරින් සම්බන්ධ වීමෙන් පමණක් මිනිස් මනසට ලැබෙන ආධ්යාත්මික සුවය සහ ශක්තිය ඉස්මතු වෙන ආකාරය දකින්න පුලුවන් .
විමුක්ති ජයසුන්දර මෙම චිත්රපටය හරහා ප්රධාන වශයෙන් මතු කරන්නේ මිනිස් සිතේ ඇති අහිමිවීම් සහ තාක්ෂණික අධීක්ෂණය අතර ඇති ගැටුම. තාක්ෂණය කොතරම් දියුණු වුවත්, ආදරණීයයන් වියෝවීමේදී ඇති වන ආධ්යාත්මික හිඩැස හෝ මිනිස් දුක මකා දැමීමට තාක්ෂණයට නොහැකි බව ච්ත්රපටයෙන් පැවසෙනවා. අහිමි වූවන්ගේ හඬ තාක්ෂණය භාවිතා කරමින් යළි අසන්නට සලස්වන අවස්ථාවේ ඇති කරන සියුම් උත්ප්රාසය එයට කදිම උදාහරණයක්.
නූතන සමාජයේ මිනිසා නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්වීම (Surveillance Culture & Voyeurism) සහ එහි ඇති භයානක යථාර්ථය චිත්රපටයෙන් මතුකිරීම විශිෂ්ටයි.
චිත්රපටයේ නමෙන්ම (“Spying Stars” – ඔත්තු බලන තරු) ඒ බව පැහැදිලි වන අතර, ඒ හරහා අධ්යක්ෂවරයා කාරනා කිහිපයක් මතුකරනවා.
- ඩිජිටල් හා තාක්ෂණික නිරීක්ෂණ උගුල (Digital Surveillance)
චිත්රපටය තුළ ආනන්දි නිරෝධායනය වන වටපිටාව සහ ඇයව වට කර ඇති කැමරා, සංවේදක සහ තාක්ෂණික පාලන ක්රම මඟින් නූතන ලෝකයේ අප ජීවත් වන “මහජන නිරීක්ෂණ කලාපය” (Panoptic society) ඉතා අපූරුවට සංකේතවත් කරනවා. අද වන විට මිනිසාගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම අහෝසි කරමින්, සෑම ක්රියාවක්ම, සෑම සිතුවිල්ලක්ම තාක්ෂණය හරහා අධීක්ෂණය කිරීමට ලක්වීම මෙම චිත්රපටයෙන් දැඩි ලෙස ප්රශ්න කරනවා.
- තරු ඔත්තුකරුවෙකු වීම.
අපි සාමාන්යයෙන් තරු දෙස බලන්නේ රමණීය, ආදරණීය හෝ කාව්යමය අත්දැකීමක් ලෙස. නමුත් චිත්රපටය තුළ එම අහසේ දිස්වන තරු පවා මිනිසා දෙස බලා සිටින, ඔත්තු බලන ඇස් (Spying Stars) බවට පත්වෙනවා. මෙයින් අදහස් වන්නේ සොබාදහම හෝ විශ්වය පවා නූතන තාක්ෂණික දෘෂ්ටිකෝණයෙන් බැලූ විට මිනිසා පාලනය කරන, නිරීක්ෂණය කරන බිහිසුණු යාන්ත්රණයක් බවට පත්ව ඇති ආකාරය.
- පුද්ගලිකත්වයේ වියැකී යාම සහ මනෝසංවේදී පීඩනය
මිනිසෙකු නිරන්තරයෙන් වෙනත් කෙනෙකුගේ හෝ යන්ත්රයක නිරීක්ෂණයට ලක්වන විට, ඔහුගේ මනස ක්රමයෙන් අස්වාභාවික පීඩනයකට ලක්වෙනවා. චිත්රපටයේ ප්රධාන චරිතය මුහුණ දෙන මානසික අසහනය සහ හුදකලාව පිටුපස මෙම නිරන්තර නිරීක්ෂණයේ (Constant Surveillance) බලපෑම දැඩිව මතුවෙනවා. තාක්ෂණය දියුණු වන තරමට මිනිසාගේ නිදහස අහිමි වී, ඔහු කූඩුවක සිටින සතෙකු මෙන් නිරීක්ෂණයට ලක්වන අභාග්යසම්පන්න යථාර්ථය මෙයින් නිර්දය ලෙස විදහා දැක්වෙන ආකාරය අපූරුයි.
කෙටියෙන් කිවහොත්, “අපි ලෝකය දෙස බලනවාට වඩා, ලෝකය (තාක්ෂණය සහ බලය) නිරන්තරයෙන් අප දෙස බලා සිටී” යන නූතන ඩිජිටල් යුගයේ
බියකරු සත්යය මෙම චිත්රපටයේ කතා වස්තුව තුළ ඉතා ගැඹුරින් අන්තර්ගතයි.
තවත් පැත්තකින් මානවයා අධිතාක්ෂණික බන්ධනයන්ගෙන් මිදී සොබා දහම සමග සංගත වීමෙන් අත්පත්කරගන්නා අධ්යාත්මික නිෂ්ඨාව ගැන ඉඟියක් ද අධ්යක්ෂවරයා මතුකරනවා. චිත්රපටය තුළ ආනන්දි මුහුණ දෙන නිරෝධායන අත්දැකීම සහ ඇය වටා ඇති තාක්ෂණික උපකරණ මඟින් ඇගේ මනස මෙන්ම පෞද්ගලිකත්වයද දැඩි ලෙස සීමා කරනවා. නූතන ලෝකය මිනිසා සොබාදහමෙන් ඈත් කර තාක්ෂණික උගුලක (Digital/Surveillance Trap) සිර කර ඇති ආකාරය මෙයින් සංකේතවත් කරන ආකාරය අපූරුයි. මෙයින් මිදී සොබාදහම සමඟ බද්ධ වීම යනු තාක්ෂණයේ කෘත්රිම පාලනයෙන් නිදහස් වී, මිනිසාගේ මූලික ස්වභාවයට නැවත ළඟාවීමක් ලෙසද දක්වන්න පුලුවන්.
සොබාදහමේ නොනැසී පවතින අභිරහස
තාක්ෂණයෙන් පාලනය වන, නිරීක්ෂණ කැමරාවලින් පිරුණු (Surveillance world) කෘත්රිම ලෝකයක් තුළ, පොළොව මත සෙමෙන් බඩගා යන තාරකා ඉබ්බෙකු දිස්වීම යනු තාක්ෂණයට කිසිදා ග්රහණය කරගත නොහැකි සොබාදහමේ ස්වයංජාත අභිරහසයි. එය මිනිසාට අමතක වී ගිය පෘථිවියේ මුල් ස්වභාවය සහ නිහඬ පැවැත්ම යළි මතක් කර දීමක්.
චිත්රපටයේ සිනමාත්මක ගුණාංග ගැනද යමක් සඳහන් කලයුතුයි. විශේෂයෙන් අධ්යක්ෂවරයා යෝජනා කරන ආකෘතිය සහ වේගය (Pacing) අතිශය සිනමාරූපියි. මෙය සාමාන්ය ප්රේක්ෂකයා අපේක්ෂා කරන වේගවත් විද්යා ප්රබන්ධයක් වෙන්නේ නැහැ. එය සෙමින් ගලා යන, කලාත්මක සිනමා රසිකයන්ට ගැළපෙන, ගැඹුරු සංවාදයකට මුලපුරන සිනමා අත්දැකීමක්. දෙබස් අවම වීම, දෘශ්ය කොටස ප්රබලවීම සමග මන්දගාමී ගලායාම ප්රේක්ෂකයා ගැඹුරු අධ්යාත්මික ස්වයං සංවාදයකට යොමු කරනවා.
ඊෂිත් නාරාන්ගේ කැමරා අධ්යක්ෂණය සහ රෝමන් ඩිම්නිගේ ශබ්ද සැලසුම්කරණය (Sound design) මඟින් චිත්රපටයට අද්භූත, බියකරු සහ සිහිනමය ලෝක ස්වභාවයක් ආලේප කරනවා. දිගු නිහඬතා කලාප සහ හදිසි දෘශ්ය බිඳවැටීම් (Abrupt interruptions) හරහා ප්රේක්ෂකයා නිතරම නොසන්සුන්කාරී මානසිකත්වයක තබා ගැනීමට අධ්යක්ෂවරයා උත්සාහ කරනවා.
ඉන්දීය නිලි ඉන්දිරා තිවාරි ප්රධාන චරිතයෙන් ගෙන එන හුදකලා භාවය මෙන්ම ඇය සිය භාව ප්රකාශනයන්ගෙන් අප තුල ඇතිකරන සාංකාමය ච්ත්තවේගීය ස්වරූපය විශිෂ්ටයි. කෞශල්ය ප්රනාන්දු, සෞම්ය ලියනගේ, සමනලී ෆොන්සේකා වැනි ප්රවීණ රංගන ශිල්පීන්ගේ දායකත්වය චිත්රපටයේ බරපතළකම තවදුරටත් තීව්ර කරනවා.
‘Spying Stars’ යනු ශ්රී ලංකීය සිනමාවට අලුත් සන්ධිස්ථානයක් එක් කරමින් අභ්යවකාශය, අනාගතවාදී තාක්ෂණය සහ දේශීය චාරිත්ර හා බැඳුනු ආධ්යාත්මිකත්වය එකිනෙක මුසු කළ අපට යළි අපගේ නූතන ජීවිතය හැන සිතන්නට බලකරන අකුණු සැරයක්. , ‘Spying Stars’ යනු විචිත්රවත් බාහිර ලෝකයක නිදහස් යැයි අප අර්ථ ගන්වන ජීවිතයක තාක්ෂණය විසින් අප මොනතරම මරණීය හුදකලාවක සිරකරුවන් බවට පත්කර ඇතිදැයි යළි සිතා බලන්නට බලකරන චිත්රපටයක්.
