මළ විකාර ලේඛකයකුගේ මළ විකාර ප්‍රබන්ධයක්; නෝ නේම් කැෆේ හෙවත් සොන් නෝම් සෝන්…

28

කාලයකට පසු සිංහල ස්වතන්ත්‍ර නවකතාවක් නිමාව දක්වාම කියවීමි.. සමහර පරිච්ඡේද එක්වරකට වැඩියෙන් කියවීම.. සැබැවින්ම ඒ නම් නවකතාවක් නොව මළ විකාර පුබන්ධයකි.. කතුවරයා, මළ විකාරකාරයකු ලෙස අටපහ නොදන්නා බයියන් අතර පවා ජනාදරයට පත් බත්තලන්ගුණ්ඩුවේ වෙඩිවර්ධන හෙවත් රත්මලානේ වෙඩ්ඩා ය.

නවකතා විෂයයෙහි උකටලී මනස් ඇති, සාහිත්‍ය මළ විකාර අතර හෙම්බත් ව සිටි මා වැනි මළ විකාර පාඨකයකු බෙල්ලෙන් අල්ලා සත්සමුදුරෙන් ඈත මළ විකාර කොදෙව්වකට වීසි කර දමා, මළ විකාර නිහඬතාවක සිටින මළ විකාර නවකතාවක්, මනසට දුන් වදය හේතුවෙන් වරින් වර නිදි බිඳ ගත් මම මේ අලුයම් පැයේ පවා ඉන්නේ ඒ මළ විකාර ෆීලිංග්මය මතේ ය..

නෝ නේම් කෆේ මළ විකාරය ආරම්භ වන්නේ මළ විකාර මරණයකිනි.. හරියටම මාකේස්ගේ කරුමක්කාර කතාවක් මළ විකාරය වගේ ම ය.. වුව එසේමත් නොවේ ම වන වෙඩ්ඩා ම ය මළ විකාර රිද්මයකිනි.

මරණයකින් ආරම්භ වන මේ මළ විකාර නවකතා ව කතුවර මළ විකාරකාරයා හඳුන්වන්නේ ස්ව- නවකතාව හෙවත් I – Novel කියන මළ විකාර ම ය වදනෙනි.. ඇත්ත ය.. මෙහි මේ මළ විකාරකාර කතුවරයා ජීවමානය. උත්තම පුරුෂ ම ය.. පෙර කෘති හෙවත් කවි සහ නවකතාමය මළ විකාර උපුටන ම ය මැදිහත් වීම් ය. එය I novel යේ ගති සොබා දරන බවට ජපන් ම ය පසු වදන් සහිත ය.

\එහෙත් මෙය ෆ්රන්ස ම ය මළ විකාර අත්දැකීම බහා මළ විකාර ලාංකික චරිත විභාගයක පිහිටු වා ඇති මළ විකාර භාවිතයකි.. මෙහි එන “මම” නම් කතුවර චරිතය හැරුණු කොට බොගන්තයා හෙවත් බොගවන්තලාවේ ඇන්ටනී ද, ඔහුගේ බිරිඳ වන මංජරී ද ලාංකික පිටුවහල් මළ විකාරකාරයෝ ය. මදම් පිෂෝ, නෙයිමානයා.. මාක් අන්තුවනේ පිෂෝ.. නෙයිමානයාගේ මව, අති සුන්දර චරිතයක් වන නෝ නේම් කැෆේ හි නමක් නොදන්නා පරම මිතුරා ද, රෝමෝ ද සහ මල් ශාලාවේ මිතුරා ඇතුඵ චරිත වරින් වර ඇතුඵ වෙමින් පිටවෙමින් ලාංකික චරිත අතරෙහි හැසිරෙනා’කාරය පට්ට ම මළ විකාරයකි..
ආරමිභය සේ ම මේ මළ විකාර නවකතාව අවසන් වන්නේ ද මරණයකිනි.. ඒ අතර කෙටි පරිච්ඡේද 12 ක බහා පිටු 172 ක් පුරා විසිරෙන්නේ මිනිස් සන්තානයේ මළ විකාර ජීවනයේ ආදරණීය දරා ගැනීම් සහ මායා ම ය ආස්ථානයන් සමග රමණ පහසේ වෙලීමකි.. වෙඩ්ඩාමය පුබන්ධකරණයේ නෛසර්ගික භාෂාමය වෑද්දුම ද සහිත ව අප හමුවේ නිහඬ රංගනයක යෙදෙන සෑම චරිතයක් ම, සෑම සිදුවීමක් ම සහ සෑම අවස්ථාවක්ම නිර්මාණ යථාව සමග බද්ධ ව ඇත්තේ මළ විකාර බන්ධනයක.. එයිනුදු බොගන්තයා සහ බොගන්තයාගේ බිරිඳ – මංජරීගේ මළ විකාර රංගනය මළ විකාර රචකයාගේ අපේක්ෂා සාධනයේ මහා අඩංගුව බවට පත් වන බව කිවමනා ය. මෑත යුගයේ පුම ඉතිරි කවර හෝ මළ විකාර ලේඛකයකු අතින් ජීවය ලැබූ අපුමාණ ගැහැණිය මංජරී බව මේ මළ විකාර සටහන්කාරයාට දැනෙයි.. සිථීර ය.

ඕනෑම නවකතාවක මතු නොව කෙටිකතාවක පවා – ඔව් සමහර විට කවියක පවා පාඨක බන්ධනීය රැහැණ වන්නේ සිද්ධි රූපණයෙහි ලා රචකයා දක්වන බුහුටි බව ය. ඒ නයින් ගත් කළ මේ මළ විකාර රචකයා මුල් පෙළේ ය. ඔහු අතින් කිසි විටක චරිත නිරූපණයක් සිදු නොවේ.. ෆ්රාන්සමය චරිත යම් තරමකට මින් නිදහස් වුව ද බොගන්තයා සහ මංජරී චරිත විභාග වන්නේ සිද්ධි මතිනි. “මම” නම් ස්වයං කතුවර චරිතය පවා සිද්ධි තුළට වැද හැසිරෙයි.. එමගින් නිර්මිත නිර්මාණ විඤ්ඤාසය සමස්ථ නවකතාවේ අරටුව ලෙසින් නැගී සිටියි. මේ සිද්ධිමය විඤ්ඤාස රිද්මය කතුවර දැක්මේ මෙහෙවර කරා පාඨකයා සමීප කරගන්නේ මළ විකාර ම ය රිද්මයකිනි..
එනිසා ය මේ මළ විකාර පාඨකයා එහි එන අවසාන වැකි අතර තවමත් නැවති, ඇස’ ග තෙත ඉවසන්ට වීමේ මළ විකාර ය දරන්නේ ය..
උපුටන ය:

” ඉක්බිති.. හීන් සීරුවේ ගෙදර පැමිණ හීන් අඩියක් ගසමින් සුපුරුදු ගජ මිතු සල්ලාපයේ යෙදෙන්නට අප දෙදෙනාට පුඵවන් ය. වෙන දවසක අවශ්‍ය නම් වෙන වෙන ම හෝ එකට වැළපෙන්නටත්, වැළලෙන්නටත් පුඵවන් ය..” පිටුව 172..
වෙඩ්ඩා මළ විකාර ලේඛකයකු යැයි මා කීවේ එහෙයිනි.. ඔහු විටෙක පාඨකයා සිහින පාරාදීසයකට කැදවා ගන්නා හා සේ ම නිසැකව ම පාඨකයාගේ සන්තානයට තියුණු පිහි තුඩකින් ඇණ මළ විකාර සිනහවක් නගන්නෙකි. හරියට පිටුව 131 හි 5 වන පරිච්⁣ඡේදයෙහි දැක්වෙන ” මළගිය පුාණකාරයාගේ වනචර හිනාව” වැනි මළ විකාර හිනාවකි.. එපමණ ය..
⁣දැන් ඇති ය. නිදි කැඩුණ දෙඇසට වෙහෙසය.. ඉතින් මම වෙඩිවර්ධන නම් මළ විකාර ලේඛකයාට මෙසේ කියමි..

” නිසැකව ම උඹ යළි බත්තලංගුඩුව දෙසට හැරෙමින් සිටී.. එය ඕනෑම ලේඛකයකුට මුහුණ දීමට සිදුවන අනිවාර්ය නියතයකි.. ” කියා ය..
මේ සටහන ඒ හැටි වැගත්කමකට නොගෙන කියවන ලෙස මගේ මිතුරු සමාජයට දන්වන අතර ඔබට මේ සටහනේ ආරම්භ ය කියවා ටිපර් පාක් කිරීමට සිතෙන්නේ නම් ” මළ විකාරය යන්න සහෘදභාවයට යෙදෙන පර්යාය පදයක් ලෙස ගැනීමෙන් අවශ්‍ය තෙතමාත්තුව සම්පාදනය කර ගත හැකිය..
⁣” සොන්තෙ රෝමෝ සොන්තෙ..” කීමට ලබන වසරේ ෆ්රන්සයට පැමිණීමටත් නෝ නේම් කැෆේ වෙත ගොඩ වැදී චිල් ම ය සැන්දෑවක මිහිරක් වින්දනය කිරීමේ මළ විකාර ආශාවකුත් ඇති බව සටහන් කරමින් මේ මළ විකාර සටහන නවතමි..

අනුරසිරි හෙට්ටිගේ