පහුගිය සැප්තැම්බර් හතර වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරනවා අලුත් ලෝක සිතියමක්. මෙතෙක් කල් භාවිතා කරපු ලෝක සිතියමේ රටවල ප්‍රමාණය නිවැරදි නොවන බවත් මේ නිසා සම්පූර්ණ වැරදි අදහසක් ලැබෙන බවත් ඔවුන් ඒකමතිකව පිලිගන්නවා.
මෙතෙක් කල් භාවිතා කරපු සිතියම නිර්මාණය වන්නේ 1569 අවුරුද්ද තරම් ඈත කාලයක.
මේ සිතියම අඳින්නේ ජෙරාර්ඩස් මර්කේටර් විසින් Gerardus Mercator). මර්කේටර් උපත ලබන්නේ 1512 මාර්තු 5වෙනිදා වර්ථමාන බෙල්ජියමට අයත් රුපෙල්මොන්ඩ් නම් කුඩා නගරයේ.
රටවල් ගණනාවක එකතුවකින් නිර්මාණයවන සිතියමට ඇට්ලස් කියන නම මුලින්ම භාවිතා කරන්නෙත් ජෙරාර්ඩස් මර්කේටර් විසින්මයි. ඔහු මේ සඳහා භාවිතා කරන්නේ “මර්කේටර් ප්‍රක්ෂේපණය” (Mercator projection) නම් ක්‍රමය. මර්කේටර් ප්‍රක්ෂේපණය කියන එකෙන් අදහස් වන්නේ.. ගෝලාකාර පෘථිවිය සිලින්ඩරයක් මතට ප්‍රක්ෂේපණය කිරීමේ ක්‍රියාවලිය. ඉන්පස්සෙ මේ සිලින්ඩරය දිග හරිනවා. මේ මගින් කෝණ හා දිශාවන් නිවැරදිව තබා ගන්නා කපුළුවන්.
මේ ඇට්ලස් සිතුවම හෝ සිතියම නිර්මාණය කරන්නෙ නාවික ගමනාගමනය සඳහා. බොහොමයක් රටවල ප්‍රමානය නිවැරදිව පෙන්වන්නේ නැහැ. නමුත් ඔහුගේ මූලික අවධානය වන්නේ නාවික ගමනා ගමනය. දිශාව සරල රේඛාවලින් නිවැරදිව පෙන්විය හැකි ආකාරයට නිර්මාණය වන නිසා අපිට ඒ ගැන චෝදනා කරන්න බැහැ. විශේෂයෙන්ම කොම්පාස් එක හෙවත් මාලිමාව භාවිතා කරලා දිශාව තීරණය කරන්නත්.. ඒ දිශාවට සරල රේඛා මගින් පෙන්වන්නත් මේ සිතියමට අනුව පුලුවන්.
මෙම ක්‍රමයේ ඇති ප්‍රධානතම දුර්වලතාවය නම්.. ගෝලාකාර පෘථිවිය පැතලි සිතියමකට හරවන විට, ධ්‍රැව ආසන්න ප්‍රදේශ (උතුරු ඇමරිකාව, යුරෝපය, ග්‍රීන්ලන්තය) අධික විශාල ලෙස පෙන්වීමයි.
උදාහරණයක් විදිහර උත්තර ධ්‍රැවයට ආසන්න ගීන්ලන්තය අප්‍රිකානු මහද්වීපය තරම් විශාලවයි මර්කේටර් සිතියමේ දැක්වෙන්නෙ. නමුත් හැබෑ ප්‍රමාණය අනුව ග්‍රීන්ලත්තය මෙන් 14 ගුණයක් අප්‍රිකානු මහද්වීපය විශාලයි. තවත් උදාහරණයක් විදිහට රුසියාව ගත්තොත් .. රුසියාවේ සැබෑ ප්‍රමාණය මෙන් 4 ගුනයක් විශාලවයි පැරණි සිතියමේ දැක්වෙන්නෙ.
සියවස් ගණනාවක් භාවිතා කරපු සිතියම වැරදි හා අසාධාරණ විදිහට අද දකින්නෙ මොන හේතුවක් නිසාද? වසර ගණනාවක ඉඳලා අප්‍රිකානු රටවල් චෝදනා කරනවා අපි භාවිතාකරන ලෝක සිතියමෙන් අප්‍රිකානු රටවලට සිදුවන්නේ අසාධාරණයක් බව. ඔවුන් පෙන්වා දෙනවා මේ සිතියම මගින් ලෝක ජනතාවට ලබාදෙන්නෙ ඉතාම වැරදි මිත්‍යා අදහසක් බව.
“පැරණි සිතියම මගින් ලබාදෙන දෘෂ්ටිවාදාත්මක බලපෑම අප්‍රිකානු කලාපයට ඉතාම අහිතකරයි.. සිතියමක් කියන්නෙ උදාසීන මෙවලම් නෙවෙයි. ඒවා අපගේ අධ්‍යාපනය, පරිකල්පනය සහ ලෝකය පිළිබඳ සාමූහික සංජානනය හැඩගස්වනවා. යටත් විජිත මානසිකත්වයක් මත විකෘති වූ සිතියමක් මගින් පරම්පරා ගණනාවක් පුරා බොරු නිරූපණයක් තහවුරු කිරීමේ අවදානමක් තියෙනවා. පරම්පරා ගණනාවක් තිස්සෙ මේ බොරුව විශ්වාස කරනවා. එය දැන්වත් නිවැරදි කල යුතුයි” මෙහෙම කියන්නේ අප්‍රිකානු රටවල නියෝජිතයන්.
අප්‍රිකානු රටක් වූ ටෝගෝ රාජ්‍ය මේ සඳහා විශාල දායකත්වයක් සපයනවා. ටෝගෝ රාජ්‍යයේ විදේශ අමාත්‍ය (Robert Dussey) විසිනුයි මේ යෝජනාව එක්සත් ජාතීනේ සංවිධානයට ඉදිරිපත් කරනු ලබන්නේ.
ඔවුන්ගේ අදහස නිවැරදියි. නමුත් රටවල ප්‍රමාණය නිවැරදි වනවිට දිශාව නිවැරදිව දක්වන්න බැහැ.
එතකොට නාවික හා ගුවන් ගමනාගමනයට තව දුරටත් භාවිතා කරන්න සිදුවන්නේ පැරණි මර්කේටර් සිතියම පමනයි. නමුත් අධ්‍යයන කටයුතු සඳහා අලුත් සිතියම භාවිතා කල යුතු බවටත් එමගින් අලුත් පරපුරට ලෝක සිතියම ගැන නිවැරදි අදහසක් ලබාදිය යුතු බවටයි එක්සතා ජාතීන්ගේ සංවිධානය නිර්දේශ කරන්නෙ.
අප්‍රිකානු රටවල අදහස තරමක් විවාදාත්මකයි. අලුත් සිතියම මගින් රටවල ප්‍රමානය පමනක් නිවැරදි කරනවා. නමුත් ධ්‍රැව ආසන්න රටවල් පැහැදිලිව දකින්න බැහැ. ඒත් එක්කම දිශාව නිවැරදි නැහැ.
යටත් විජිතවාදයේ අවාසි සහ අසාධාරණ ලක්ශණ ගනනාවක් අදටත් බලපානවා. එය සත්‍යක්. නමුත් සිතියමක් මගින් යටත් විජිතවාදය ව්‍යාප්ත කරනවා කියන කාරණය ගැටළු සහගතයි. සෑම කාරණයක් උදෙසාම යටත් විජිත පාලනයන්ට ඇඟිල්ල දිග් කිරීම යටත් විජිත උරුමය’ (Colonial Legacy) හෝ ‘පරාධීනත්ව න්‍යාය’ (Dependency Theory) විදිහට හදුන්වන්න පුලුවන්. එහෙමත් නැත්තං මෙවැනි ගැටළු හෝ ප්‍රශ්ණ මතුවන්නේ ‘සාමූහික ඓතිහාසික කම්පනය’ (Collective Historical Trauma) නිසා වෙන්නත් පුලුවන්.
කෙසේ වෙතත් විවිධ රටවල සැබෑ ප්‍රමාණය ගැන නව සිතියම මගින් නිවැරදි අදහසක් ලබාගන්න පුලුවන්.
