අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

Share post:

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති අවධාරණය කළේය.

අද (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇති බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර සියලු රජයේ ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාල බදාදා දිනයේ නිවාඩු බවත්, නැවත දැනුම් දෙන තුරු රජයේ සියලු උත්සව නවත්වන බවත් ඔහු වැඩිදුරටත් දැනුම් දුන්නේය. පෞද්ගලික අංශයට ද මෙය අදාළ වන බව ද පැවසූ ඔහු, මේ සියලු කටයුතු සඳහා ජනතාවගේ සහාය ඉල්ලා සිටියේය. සතියේ අනෙකුත් දිනවලදී සේවකයන් කැඳවීම පිළිබඳ තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට ලබාදෙන බව ද ඔහු පැවසීය.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ 2022 වසරේ නිකුත් කරන ලද රාජ්‍ය සේවා සීමාකිරීමට අදාළ චක්‍රෙල්ඛය මෙහිදී ද අදාළ කරගත යුතු බවයි. ඒ අනුව වාහන සහ අනෙකුත් කටයුතු පවත්වාගෙන යා යුතු බව ද ඔහු පැවසීය.

මෙහිදී මාධ්‍යෙව්දීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පැවසුවේ මාසයකට ප්‍රමාණවත් ඉන්ධන රට තුළ පවතින බවයි. එසේම ඉන්ධන නෞකා 4ක් මෙරටට පැමිණීම තහවුරු කර ඇති බව ද ඔහු මෙහිදී සදහන් කළේය.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...