මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

Share post:

ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව සැලකෙන සාංචි ස්තූපයේ අනුරුව සොරාගැනීම පිළිබඳ කිසිදු විධිමත් පරීක්ෂණයක් මෙතෙක් සිදු කර නැත.

රඹුක්කන, දැලිවල – කොටවෙහෙර විහාරස්ථානයේ තිබූ මේ අනුරුව සොරාගෙන ඇති බවට රඹුක්කන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ 2022 පෙබරවාරි 12දා ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදු කර ඇතත්, ඉන්පසු එය නවතා දමා තිබේ. රඹුක්කන පොලිසිය මගින් මූලික විමර්ශනවලින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහි විමර්ශන බාර දී ඇත. පොලිසියට ලැබී ඇති පැමිණිල්ලට අනුව අදාළ විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා අඟල් එක හමාරක දඹ රන් කරඬුවක්, අඟල් එකහමාර බැගින් වන පළිඟු කරඬු 03ක්, රන් කරඬු 05ක් සහ ධාතු මංජුසාවක් අතුරුදන් වී තිබේ.

මේ සම්බන්ධයෙන් ‘සිළුමිණ‘ කළ විමසීමකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ තහවුරු කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර නැති බවයි. එසේ ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් මේ පිළිබඳ විමර්ශන 02ක් පවත්වාගෙන ගියද, ඒ කිසිදු විමර්ශනයකින් සෑහීමකට පත්විය හැකි තොරතුරක් මෙතෙක් ලැබී නැතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජ සමයට අයත් බව සැලකෙන සඳගල නම් පෞරාණික වටිනාකමක් සහිත පාෂාණයක් අතුරුදන් වීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් සිදුකරන විමර්ශන සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ පසුගිය සතියේ අත්අඩංගුවට ගැනුණු අතර, මීට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු පොලිස්පතිවරයකු සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්වේ. මේ දෙදෙනා ඉදිරියේදී අල්ලස් කොමිසමට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත ය.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...