ඇමෙරිකන් අධිරාජ්‍යයේ සංකේතීය අවසානය….

Share post:

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් අරන් යන්න දෙන්නේ චීන යුවාන්වලට විතරයි කියල ඉරානේ දැන් කියනවා. ඒකට ප්‍රතිපක්ෂව හෝමුස් නිදහස් කරගන්න ට්‍රම්ට්ට සැලසුමක් නැහැ. හතර වටේට බණිනවා මිත්‍ර රටවල් යුධ නැව් එවන්නේ නැහැ කියල.

එහෙම උදව්කළා උනත් හෝමුස් අනාරක්ෂිතයි. හැම රටකටම තෙල් මිළ බලපාල. හැම ආර්ථිකයකටම මේක දැන් තදින් දැනිල. මොන රටකට උනත් යුද්දයක් දරාගන්න බැහැ. මොකද ගෝලීය පරිභෝජන ආර්ථික වශයෙන් හැමෝම ඉන්නේ අවිනිශ්චිත තැනක.

එකක් නිශ්චිතයි. ට්‍රම්ප් මේ වැටුන වලෙන් ගොඩඑන්න බැරුව දඟලනවා. ඒ එක්කම ඇමෙරිකන් ඩොලර් ඒකාධිකාරය ලෝකයෙන් යන්නම යනවා. මේක චීනයට ඕනි වෙලා තිබ්බේ දැන් ගොඩක් කල්ඉඳන්. එයාල ඔන්ලයින් වේදිකා ගණනාවක් හැදුව ඩොලර් එක මට්ටු කරන්න. ඒක යම් තරමක් සාර්ථක උනා. මේක පැහැදිලිව වරුෆාකිස් චීනයේදිම කිව්වා.

ඩොලර් එක මේ තරම් අපේ අවිඥාණයට ඇතුල් උනේ පහුගිය කාලේ ආපු ඔන්ලයින් වෙළඳාම එක්ක. ඇමසෝන්, ගූගල්, මයික්‍රෝසොෆ්ට්, නිල් චිත්‍රපට වගේ වේදිකා එක්ක අපේ අවිඥානික මුදල් ඒකකය ඩොලර් උනා.

මේක දැක්ක චීනය එයාලගේ මුදල් එකකය වෙච්ච යුවාන් එක්ක ඔන්ලයින් වේදිකා හදනකොට ඇමෙරිකාව දැක්ක මේ එන්නේ අපේ මුදල් ඒකකයට වැඩේ දෙන්න කියල. මේ යුද්දේ උනත් එන්නේ මේ අධිකාරීබව දිගටම පවත්වාගැනීම වෙනුවෙන්. හැබයි දැන් ඇමෙරිකාව පඹ ගාලක පැටලුනා. ඒක ඉරානය විතරක් කරපු එකක් නෙවෙයි කියල දැන් තේරෙනවා. මේ වැඩේ පිටිපස්සේ චීනය සහ රුසියාව ඉන්නවා. සහ ඇමරිකාවේ දැන් තියන අත්තනෝමතික බවට එරෙහිව බටහිරම උනත් පෙළගැහෙන්න පුළුවන්.

මේ යුද්දය විසින් බොහෝ දේ තීරණය කරයි. ඉනුත් විශේෂයෙන් ආසියාවේ අනාගතය චීනය හරහා තීරණය වෙයි.

මහේෂ් හපුගොඩ

Image@New York Times

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...