මෙසී පාපන්දු පිටියට සමුදෙයි

Share post:

FIFA ලෝක කුසලාන 2022 අවසන් මහා තරගයෙන් පසුව තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව සුප්‍රකට පාපන්දු තරුව ලියනල් මෙසී තහවුරු කර තිබේ. ඒ අනුව දෙසැම්බර් 18 වැනිදා ප්‍රංශය හෝ මොරොක්කෝව සමග පැවැත්වෙන අවසන් මහා තරඟය මෙසීගේ පාපන්දු දිවියේ අවසන් තරඟය වන බවට සහතික ය.

ජූලියන් අල්වාරෙස් විසින් ක්‍රොඒෂියාවට එරෙහිව ලබා ගත් ගෝල දෙක සහ දඩුවම් පහරකින් තමන් ලබාගත් ගෝලය තම කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන යාමට සමත්වූ බව පවසයි. තරඟය පුරාවටම තමන්ගේ සුපුරුදු දස්කම් පෙන්වමින් ඉතාම කඩිසරව සහ උපක්‍රමශීලීව පන්දුව ප්‍රතිවිරුද්ධ දැල වෙත ගෙනයන්නට මෙසී සමත්කම් දැක්වූහ.

ආර්ජන්ටිනාවේ මාධ්‍ය ආයතනයක් වන Diario Deportivo Ole වෙත මෙසී පවසා තිබුණේ, ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩාකරමින් තමන්ට විශ්‍රාම ගැනීමට හැකිවීම පිළිබඳ බොහෙවින්ම සතුටු වන බවයි.

35 හැවිරිදි මෙසී සිය පස්වන ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ ඩියාගෝ මැරඩෝනා සහ ජේවියර් මැෂෙරානෝ අභිබවා යමිනි. එමෙන්ම කටාර් ලෝක කුසලාන තරඟාවලියේදී ඔහු ලබාගත් පස්වැනි ගෝලය සමග එතෙක් ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල වාර්තාව තබා තිබූ ගාබ්‍රියෙල් බැටිස්ටුටා ඉක්මවා යන්නට මෙසී සමත්වුණේ ගෝල 11ක් වාර්තා කරමින් ය.

ඒ අනුව ලෝක කුසලානයක් ජයග්‍රහනය කිරීමට මෙසීට ලැබෙන අවසන් අවස්ථාව මෙය වේ. 2014 වසරේ බ්‍රසීලයේදී පැවැති ලෝක කුසලානය තරගාවලියේදී ජර්මනිය හමුවේ පරාජයට පත්වීමත් සමග ඔහුට ලෝක කුසලාන අනුශූරයෙකු ලෙස සෑහීමකට පත් වීමට සිදුවිය.

මෙසී, ස්පාඤ්ඤ ලීග් ශූරතා 10ක්, ප්‍රංශයේ දී තවත් ජයග්‍රහණයක්, චැම්පියන්ස් ලීග් හතරක්, 2021 දී කෝපා ඇමරිකා, සහ සෑම වසරකම ලොව හොඳම ක්‍රීඩකයාට පිරිනමනු ලබන වාර්තාගත බැලොන් ඩෝර් (Ballon d’Or) සම්මාන හතක් දිනා ගැනීමට සමත්වී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...