වසන්ත – මහින්ද – රංජන් ජයලාල් අත්අඩංගුවට ගන්න තියා සැකකරුවන් කරලවත් නෑ : අධිකරණයේදී හෙළි වෙයි !

Share post:

ඇමැති වසන්ත සමරසිංහ, නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ සහ කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලි පාර්ශ්වයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද (26) නියෝග කළේය.

පැමිණිල්ලේ ඉල්ලීමක් සම්බන්ධයෙන් තමන්ගේ නියෝගය ප්‍රකාශයට පත්කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මේ වන විට ප්‍රශ්නගත දේපළ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශයෙන් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවත්, එම විමර්ශනයට අදාළ උධෘත නීතිපතිවරයා වෙත යවා මෙම නඩුවට අදාළව උපදෙස් ලබාගැනීමට පියවර ගෙන ඇති බවත් මහේස්ත්‍රාත්වරයා නියෝගයේ සඳහන් කර ඇත.

පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් චෝදනා කර තිබුණේ ඉහත දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් දුන් මහේස්ත්‍රාත්වරියක මාරු කර යැවීමට කටයුතු කර ඇති බවයි. 

කෙසේවෙතත් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ලබා දී නොමැති බවත් මෙම නඩුවේ සැකකරුවන් ලෙස හෝ එම අමාත්‍යවරුන් නම් කර නොමැති බවත් අධිකරණයේදි  හෙළි විය. එවැනි අවස්ථාවක විමර්ශන අතරතුර නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීම නතර කිරීමට හෝ එය අභිබවා නියෝගයක් ලබාදීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාවක් නොමැති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...