වසන්ත – මහින්ද – රංජන් ජයලාල් අත්අඩංගුවට ගන්න තියා සැකකරුවන් කරලවත් නෑ : අධිකරණයේදී හෙළි වෙයි !

Share post:

ඇමැති වසන්ත සමරසිංහ, නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ සහ කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලි පාර්ශ්වයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද (26) නියෝග කළේය.

පැමිණිල්ලේ ඉල්ලීමක් සම්බන්ධයෙන් තමන්ගේ නියෝගය ප්‍රකාශයට පත්කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මේ වන විට ප්‍රශ්නගත දේපළ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශයෙන් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවත්, එම විමර්ශනයට අදාළ උධෘත නීතිපතිවරයා වෙත යවා මෙම නඩුවට අදාළව උපදෙස් ලබාගැනීමට පියවර ගෙන ඇති බවත් මහේස්ත්‍රාත්වරයා නියෝගයේ සඳහන් කර ඇත.

පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් චෝදනා කර තිබුණේ ඉහත දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් දුන් මහේස්ත්‍රාත්වරියක මාරු කර යැවීමට කටයුතු කර ඇති බවයි. 

කෙසේවෙතත් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ලබා දී නොමැති බවත් මෙම නඩුවේ සැකකරුවන් ලෙස හෝ එම අමාත්‍යවරුන් නම් කර නොමැති බවත් අධිකරණයේදි  හෙළි විය. එවැනි අවස්ථාවක විමර්ශන අතරතුර නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීම නතර කිරීමට හෝ එය අභිබවා නියෝගයක් ලබාදීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාවක් නොමැති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...