ගනේමුල්ල සංජීවට වෙඩි තැබුවේ වෙනත් පාර්ශ්වයක්දැයි සැකයක් ?

Share post:

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු වූ ගනේමුල්ල සංජීව ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් ව අධිකරණ නියමයන් අනුව හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළද, එම සැකකරුවන් කවුරුන්දැයි සාක්ෂිකරුවන්ට නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වීම පිළිබඳ ව සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

අද (11) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව සඳහන් කළේය.

එසේ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකරුවන්ව හඳුනානොගත්තේ කිසියම් පාර්ශ්වයක බලපෑමකට නතුව දැයි පොලිසියේ සැකය යොමු වී ඇති බව ඔහු මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය. එමෙන්ම පොලිසියට විමර්ශන කටයුතු සිදු කිරීමට අනිවාර්යයෙන් මහජන සහාය අත්‍යවශ්‍ය බවත්, එය නොමැතිව පොලිසියට මෙම ක්‍රියාවලිය තනිව සිදු කිරීමට නොහැකි බවත් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...