මීළඟ අගවිනිසුරු පිළිබඳ පාර්ශ්ව දෙකකින් දෙවිදිහක සාකච්ඡා !

Share post:

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවෙමින් තිබේ.

වර්තමාන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ලබන ජූලි මාසය අවසානයේ විශ්‍රාම යෑමට නියමිත ය. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයා වන්නේ ප්‍රීති පද්මන් සූරසේන ය.

ජ්‍යේෂ්ඨ නීතිඥයන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් පිරිසක් මීළඟ අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සාකච්ඡාවලදී ඉදිරි අධිකරණ කටයුතු පිළිබඳව මෙන්ම අධිකරණ සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද වැඩි අවධානයක් යොමුකර තිබේ.

පාර්ශ්ව දෙකක් ලෙස මේ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ. එයින් එක් පාර්ශ්වයක් අධිකරණ සේවයේ සිදු විය යුතු ප්‍රතිස්ංස්කරණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත්, අනෙක් පාර්ශ්වය අධිකරණ සේවය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමුකර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...