මහින්දානන්දට අවුරුදු 20ක් – නලින් ප්‍රනාන්දුට අවුරුදු 25ක් : මිලියන 53කට මෙහෙම නම් ?

Share post:

2015 ජනාධිපතිවරණයේදී ක්‍රීඩා සමාජවලට බෙදාහැරීම සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කිරීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 10 ක සිරදඬුවම් කොළඹ මහාධිකරණය නියම කර ඇත.

එසේම හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දුටද වසර 25 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...