සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

Share post:

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ඉතා ඵලදායි විකල්පයක් හඳුන්වා දී තිබේ. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන හැදෑරු සිසුන් 1,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය වැනි රටවල ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වී ඇත. සාමාන්‍ය පදනම් පාඨමාලා මෙන් නොව IIHS පිරිනමන ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාව සැළැසුම් කර ඇත්තේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ප්‍රමිතිවලට අනුවය. එය සම්පූර්ණ කරන සිසුන්ට වෛද්‍ය විද්‍යාව, හෙද සේවය, සම සෞඛ්‍යය, මහජන සෞඛ්‍යය, සෞඛ්‍ය පරිපාලනය, ඩිජිටල් සෞඛ්‍යය සහ දත්ත විද්‍යාව වැනි නැඟී එන ක්ෂේත්‍රවලට අදාළ උපාධි පාඨමාලා හැදෑරීමට සෘජුව සම්බන්ධ විය හැකිය.

“අධ්‍යාපනය සමඟ බැඳී ඇති සාම්ප්‍රදායික බාධක බිඳ හෙලමින්, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට මේ තුළින් සිසුන්ට අවස්ථාව ලැබෙනවා. ඒ හරහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමටත්, සෘජුවම ගෝලීය මට්ටමේ වෘත්තිකයන් බවට පත් වීමටත් සිසුන්ට පුළුවන්.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවැසීය. IIHS අධ්‍යාපන සංවර්ධන ප්‍රධානී ආචාර්ය දිනුෂා කනටිවෙල පැවසුවේ මෙම පාඨමාලාව විද්‍යා විෂය ඉගැන්වීමෙන් ඔබ්බට යන බවයි. “ශාස්ත්‍රීය ලේඛණ සහ පර්යේෂණ කුසලතාවල පටන් වෘත්තීය සන්නිවේදනය දක්වා වන සෑම දෙයක්ම ඉගෙනීමට මෙම පාඨමාලාව හදාරන සිසුන්ට අවස්ථාව ලැබෙනවා. ඔවුන් මෙම පාඨමාලාව අවසන් කරන්නේ ආත්ම විශ්වාසයෙන් හෙබි, කුසලතාවලින් පරිපූර්ණ, ජාත්‍යන්තර වශයෙන් තරගකාරී පිරිසක් හැටියටයි.”

මෙම පාඨමාලාවේ විෂය නිර්දේශයට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, ශාස්ත්‍රීය ලේඛණ, ඩිජිටල් සාක්ෂරතා වැනි විෂය රැසක් ඇතුළත් වේ. එහි අනෙකුත් කොටස් අතර ඉංග්‍රීසි භාෂා සංවර්ධනය, නායකත්වය සහ මෘදු කුසලතා ප්‍රධාන වේ. “පාඨමාලාව හදාරන සෑම සිසුවෙකුටම ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය වැනි රටකට ගොස් උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලැබෙනවා. මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය අවස්ථා උදා කර ගන්න ඔවුන්ට ලැබෙන වටිනා අවස්ථාවක්.” වැඩසටහන් ප්‍රධානී ගයාන් ගුණතිලක මහතා පැවැසීය.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු www.iihs.edu.lk හෝ contact [email protected] ඔස්සේ ගත හැකිය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...