අති විශිෂ්ටයන් හඩා වැළපුන ආධුනිකයන් සතුටෙන් මුසපත් වන ශෝකයේ සහ ප්‍රීීතියේ සැනකෙලිය

Share post:

එකම මොහොතක විශිෂ්ටයෝ හඩා වැළ‍පෙන ආධුනිකයෝ කොක් හඩලා සිනහසෙන එය සදාකාලික නොවන ජය ගැනද සදාකාලික නොවන පරාජය ගැනද පාඩම් උගන්නවන අසිරිමත් සැනකෙලියකි. එය කෙටියෙන් නම් කරන්නේ FIFA ලෙසය සැනකෙලියේ දක්ෂතම දෙපා තවා නළවා රනින් සරසන අතර එම දෙපා ලොව ඉහළම ලන්සුවට විකිණෙන එය වෙළදපොලක්ද වන්නේය..

2022 FIFA ලෝක පාපන්දු ක්‍රීඩාව හැරවුම් ලක්ෂ කිහිපයකින් චමත්කාරජනක වෙනසක් කල අතර අප්‍රිකානු මහද්වීපය පාපන්දු ලෝකයේ දැවන්තයෙකු ලෙස දැවැන්තයන් අතරට පැමිණවීම ඉන් ප්‍රධානය. එහි පෙරහුරුව එතෙක් බ්‍රසීලය ජයනොගත් අප්‍රිකානු මහද්වීපයක් වෙනුවට බ්‍රසීලය ජයගත් මහද්වීපයක් බවට පත්කල කැමරූන් රාජ්‍යයට හිමිවිය යුතුය.

මොරෙක්කෝව යනු ගැහැණියව ඉස්ලාම් ආගමේ දැඩි නීති රීතිවලින් සිරකල රටක් වුවද මොරාක්කෝවේ පාපන්දු කලමනාකරු සිය ඉතිහාසගත කර්තව්‍ය ඉටු කරමින් තම කණ්ඩායමේ සියලු පාපන්දු ක්‍රීඩකයන්ගේ මව්වරු, බිරින්දෑවරු සහ ඔවුනගේ දරුවන් ද කටාර් ක්‍රීඩා පිටියට ගෙන ආවේය. අප්‍රිකානුවෝ වෙන කාටත් වඩා තම පවුලේ ඔල්වරසන් හඩට ආශාක්ත බව හේ දැනසිටියේය.
අහා ! එහි ප්‍රතිපල කෙබදුද ?
අප්‍රිකානු මහද්වීපයේ ඉහලින්ම සිටින මෙම උතුරු අප්‍රිකානු ජාතිය, කැනඩාව ගෝල 2-1 කින් පරාජය කරමින් කිසිවෙක් නොසිතූ ආකාරයට ලෝක කුසලාන අවසන් 16 ට තේරී පත් විය. ඔවුහු තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පරාජය කලෙ‍් සුපිරි බෙල්ජියම වන අතර එය මොනතරම් බෙල්ජියමට වේදනාවක් වුවේද යත් බොහෝ බෙල්ජියම් නගරවල කුපිත වු ජනතාව තම රටේම වාහනවලට ගිනිතැබුහ.

අවසන් අර්ධ පූර්ණ වටයේ මේ කුඩා ජාතිය පරාජය කළේ කිනම් මිනිසෙක්වද කිනම් රටක්ද ? තමන්ගේ රට, පිට පිට පස්වතාවක් world cup තරඟාවලි සඳහා කැඳවාගෙන ඒමට සමත්වුණු ක්‍රිස්ටියානා රොනල්ඩෝ ඇතුලු පෘතුගලයයි. රෙනාල්ඩෝ යනු පාපන්දු ලෝකයේ නුතන දෙවියාය. ලොව ඉහළම මිලකට සිය දෙපා විකිණිය හැකි මිනිසාය. මේ කුඩා ජාතියේ ජයග්‍රහණයෙන් පසු මෙරොක්කෝ ක්‍රීඩකයකුගේ පෙම්වතිය වූ සුලෙයිමානා, අල් ජසීරාව නාලිකාවල හරි ලස්සන කතාවක් කියා තිබිනි.
‘‘“අපි සඳට ඉහළින් පමණක් නොව, බලන්න අපි එයද ඉක්මවා ගියෙමු අපේ කුඩා ජාතියට මෙය ඇදහිය නොහැකි ජයග්‍රහණයකි‘‘

අවසන් පුර්ව වටයට ඒමට සිහින දකිමින් සිටි ඒ ශ්‍රේෂ්ඨ බ්‍රසීලියානු ක්‍රීඩක නේමර් ගේ සිහිනය ක්‍රොඒසියාවට නායකත්වය දුන් ලූකා මොඩ්රික් ඩැහැ ගත්තේය. බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්ත සත පහකට මායිම් නොකල ලූකා මොඩිරික් යනු කවරෙක්ද ? ඔහුට අවුරුදු 06 ක් වනවිට ලූකාගේ සීයා වෙඩි තබා මැරෑ පසු සිය මව හා පියා සමග ගම අතෑර දා පලාගිය විවිධ සරණාගත කදවුරුවල හැදී වැඩී උස් මහත් වුයෙකි. මිහිරි බටනලා වාදන වෙනුවට ලූකා ඇසුවේ කණ අද්දරන් පපුරායන ග්‍රෙනේඩ් පිපිරුම් ශබ්දයයි. දැන් ඒ සරණාගත මිනිසා, ඔහු ක්‍රොඒෂියාව වයස 37 දී 2022 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට රැගෙන ගොස් ඇත.
මොන තරම් ආශ්වාදජනක කතාවක්ද!
2022 ලෝක කුසලාන සදහා නැවත කටාර් පිටියට නොඑන බවට සහතික කල හැකි ලෝක දැවැන්තයන් දෙදෙනෙක් මේ වනවිට සිටිති ඒ බ්‍රසීලයේ නේමාර් හා පෘතුගාලයේ ක්‍රිස්ටීයා‍නෝ රොනාල්ඩෝය ! තව එක දැවැන්තයෙක් සිනහවෙමින් තවමත් ලෝක පාපන්දුව අතැතිව ඉතිරිව සිටී හේ ලයනල් මෙසීය. 2022 ලෝක පාපන්දු තරගාවලියේ පළමු තරගයෙන්ම සවුදියට පරාජය වීමෙන් ආජන්ටිනාව හඩවමින් තමාද හැඩූ ලයනල් මෙසී. ඔව් ! ඔහු තවමත් සිය ආජන්ටියානු සිහිනය උරමත දරා කටාර් පාපන්දු පිටියේ පසෙක බලා සිටී.

උපාලි ජයසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...