BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි !

Share post:

EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී කළමනාකරණ අධ්‍යක්ෂ සුරන්ජිත් කපිල මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුරුණෑගල පිහිටි EKRO Lanka Trading සමාගම පසුගිය දශකය තුළ උසස් තත්ත්වයේ අත් මෙවලම්, විදුලි මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග ආනයනය කරන හා බෙදා හරින සමාගමක් ලෙස විශ්වාසනීය නමක් දිනා තිබේ. එම සමාගම කෘෂිකර්ම, ඉදි කිරීම්, ආහාර නිෂ්පාදන වැනි කර්මාන්ත සහ ගෘහ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිෂ්පාදන රැසක් චීනයෙන් සහ වියට්නාමයෙන් සෘජුව ආනයනය කරයි.

ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයන්ට සැපැයීම පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන EKRO Lanka Trading සමාගම සෑම නිෂ්පාදනයකම උසස් ප්‍රමිතිය සහතික කරන අතර සියලුම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ සඳහා අලෙවියෙන් පසු සේවා සපයයි. ගොවීන්, කොන්ත්‍රාත්කරුවන්, අනෙකුත් කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය සියලුම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ එම ආයතනයෙන් මෙන්ම www.ekrolanka.com වෙබ් අඩවිය ඔස්සේද මිල දී ගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන මෙවලම් සහ යන්ත්‍රෝපකරණ තෝරා ගැනීමට ඔවුන්ට සහාය වේ. ඒවා භාවිත කරන ආකාරය සහ භාවිතයේදී ඇති වන ගැටලු විසඳා ගන්නා ආකාරය පිළිබඳවද ඔවුහු පාරිභෝගික ප්‍රජාව දැනුවත් කරති. රට පුරා විහිදුණු බෙදා හැරීමේ ජාලයක් සහිත EKRO Lanka Trading සමාගම රට පුරා ජනතා විශ්වාසය දිනා ඇත. දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති එම සමාගම ඉදිරියේදී සිය නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ.

ttps://www.facebook.com/share/18czZnAPLR/ ඔස්සේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසිය හැකිය.

Related articles

අපි ජීවත්වෙලා තියෙන්නේ හරක්කටාටත් වඩා ලොකු අපරාධකරුවන් එක්ක…

අපි මෙතෙක් ජීවත්වෙලා තියෙන්නේ කොයි විදියේ රටකට කියන එකට හොඳ උදාහරණයක් ඊයේ පෙරේදා අතර අපිට දැනගන්න ලැබුණා.ඒ තමයි...

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...